BREAKING NEWS
latest

728x90

468x60

6th Lane අවුරුදු 10කට පස්සේ ආයෙත් ඇවිත්

6th Lane කියන්නේ 2004 - 2008 කාලේ ලංකාවේ මියුසික් වල  හිනි  පෙත්තෙම ඉදපු බෑන්ඩ් එකක්.


නිර්වාණය ඇල්බම් එක පුදුම ලස්සන සින්දු තිබ්බ සිරාම ඇල්බම්  එකක්.
වස්සානය, මල් පෙත්තක්, අම්මා, moonlight, නිතම්බනී, දිනයක ඔබ මා, නුබේ කදුලට ඇතුළු මුලු ඇල්බම් එකම අදටත් ඒ රසයෙන්ම අහන්න පුළුවන් ලස්සන අල්බම් එකක් 

සයිටම් අහෝසියි -ඒවෙනුවට ස්ලිට් උපාධිය - රජයේ අවසන් විසඳුමක්

මාලඹේ සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර ඒ වෙනුවට අර්ධ උපාධි සිසුන් දැනට තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන“ස්ලිට්’  ආයතනයට අනුයුක්ත කර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිකර දෙන බව ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.‍

ස්ලිට් ආයතනය අලුතින් ආයතන දෙකක් ආරම්භ කරන අතර ඉන් එකක් අඩ වශයෙන් නිමකළ සයිටම් සිසුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් 
වෙන්කරන අතර 

සාමාන්‍ය පෙළ සිසුවිය නිවසේ මිදුලේදී කපා කොටා මරා පෙම්වතාත් ගෙලකපාගෙන මැරිලා

පන්නල ජයගම ප්‍රදේශයේ නිවසකදී 16 හැවිරිදි පාසල් සිසුවියක කපා කොටා ඝාතනය කර එම ස්ථානයේම ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු ගෙල කපාගෙන මියයාමේ සිද්ධියක් වාර්තා විය.

එම පාසල් සිසුවිය පාසල නිමවී නිවෙසට පැමිණ ඇඳුම් මාරු කර නැවත නිවසේ මිදුලට පැමිණි අවස්ථාවේදී 

විල්සන්ගේ විහිලුවෙන් හැඩවූ ගුරුකුලේ සුහද හමුව

කැලණිය ගුරුකුල විද්‍යාලයේ 2013 අ.පො.ස සා/පෙළ හා 2006 අ.පො.ස. උසස් පෙළ කණ්ඩායමේ සුහද හමුව 2018 01 03 වන දින කැලණිය, රෝයල් ග්රෑ න්ඩ් පැරඩයිස් හෝටලයේ දී පැවැත්වුණි.

මෙහි විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජ්යෙඅෂ්ඨ කලාකරුවෙකු වූ විල්සන් ගුණරත්න මහතා ය.

මහරගම පිළිකා රෝහලේ යන්ත්‍ර සූත්‍ර නෑ,පරණයි,වේටින් ලිස්ට් – වේදනාවෙන් කෑ ගසන අපේම ජනතාව වෙනුවෙනි

රෝගවලට ගොදුරුව මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව වාර්ෂිකව වැඩිම පිරිසක්‌ මිය යන්නේ හෘදයාබාධ නිසාය. ඉන් පසු මියයන්නේ පිළිකා රෝගය නිසාය. පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන පරිදි වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 15,000 ක්‌ පිළිකා රෝග නිසා මරණයට පත්වෙති.

සෑම වසරකම අලුතින් පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක්‌ හඳුනා ගැනෙන බවද විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරයි.2013 වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 25,515 ක්‌ ලියාපදිංචිව සිටි අතර 2014 වසරේදී එය 26,341 දක්‌වාද 2015 වසරේදී 28,474 දක්‌වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස්‌ තිබුණි.

'2017 වසරේ ජාතික තරුණ ව්‍යව­සා­ය­කයා' හල්පේ තේ සමා­ගමේ එරන්ද අබේ­රත්න

නව්‍යකරණය, කැපවීම, උනන්දුව සහ ව්‍යවාසය කුසලතා තුළින් හල්පේ තේ සමාගම මෙරට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා U.H.E. Exports සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මහතා දැක්වූ සමත්කම ඇගයුමට ලක්කරමින්, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් '2017 වසරේ ජාතික තරුණ ව්‍යවසායකයා' සහ '2017 වසරේ ඌව පළාතේ ජාතික තරුණ ව්‍යවසායකයා' ලෙස ඔහු සම්මානයට පාත්‍ර කළේය.

තමන්ට අමතරව තවත් එක් උපාධිධාරී කාර්යමණ්ඩල සාමාජිකාවකගෙන් මීට වසර තුනහමාරකට පෙර ආරම්භ කෙරුණු හල්පේ තේ සන්නාමය යටතේ මේවන විට කාර්යමණ්ඩල සාමාජිකයෝ 30 දෙනෙකුට අධික පිරිසක් සේවය කරති.

නව වසරේ ආරම්භයත් සමඟ දඹුල්ල රෝහල සතුටු කළ අපූරු දරු උපත

2018 වසර ආරම්භයත් සමඟම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ 27 හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළ පුවතක් වාර්තා වුණා.

මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහල ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු වන එක්දරු මවක්.

මෙම තුන් නිවුන් දරු උපත සැලවීමත් සමඟ දඹුල්ල රෝහලේ මාතෘ හා ළමා වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියන් දැඩි සතුටට පත්ව සිටින අයුරු එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකියාව ලැබී තිඛෙනවා.

සති අන්තයේ දක්‍ෂිණ අධිවේගයේ වාහන ලක්‍ෂයක්‌ - දිනක ආදායම කෝටි 3 ඉක්‌මවයි

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය සති අන්තයේ වාහන ලක්‍ෂයක්‌ ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙහිදී එක්‌ දිනක ආදායම රුපියල් කෝටි 3 ඉක්‌මවා ඇති බවත්, මෙය 2017 වසරේ එක්‌ දිනක්‌ තුළ ලැබූ වැඩිම ආදායම බවත් අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා 'දිවයින' ට පැවැසීය.

බුත්තල - කතරගම පාරේ 'අලි හිඟන්නෝ' වැඩි වෙලා

බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ යාල රක්‌ෂිතයට අයත් කොටසේ අලි හිඟන්නන් වැඩි වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන මගීහු දැඩි පීඩාවට පත් වෙති. මෙම මාර්ගයේ ස්‌ථාන කිහිපයකදීම මිනිසුන් ලබා දෙන ආහාර ගැනීම සඳහා අලි තැන් තැන්වල තනිව හා රංචු පිටින් සිටිති.

ETI හා ස්වර්ණමහල් ෆිනෑන්ස් කළමනාකරණයට මහ බැංකුවෙන් මණ්ඩලයක්

ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බලා, එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණයහිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාය හා ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවර කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද (02) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ එහි මුල් පියවර වශයෙන් විශ්‍රාහික හිටපු සහකාර මහ බැංකු අධිපතිවරයෙකු වන සේපාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මණ්ඩලයක් පත්කර එම ආයතන දෙකෙහි කළමනාකරණ කටයුතු කරගෙන යාම සඳහා බාර කරනු ලබන බවයි. මෙම මණ්ඩලයට ලංකා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු හා නියෝජ්‍ය සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ද ඇතුළත් වේ.

යාන්ත්‍රික දෝෂයකින් මුහුදේ පාවී තිබූ මීගමුවේ 'ඩියානා දුව' මාලදිවයින් නාවික දැලේ - යාත්‍රාව කැඩුණ කියල කීවාට කිසිම අනුකම්පාවක්‌ නැතිලු

ලාවත ඉරණවිල ප්‍රදේශයේ ධීවරයකුට අයත්ව තිබූ බහුදින ධීවර යාත්‍රාවක්‌ කාර්මික දෝෂයක්‌ නිසා ගැඹුරු මුහුදේ පාවී තිබියදී මාලදිවයින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය නොවැම්බර් මස 21 වැනි දින රාත්‍රියේ මීගමු ධීවර වරායෙන් මසුන් මැරීමට ගිය "ඩියානා දුව" නමැති බහුදින ධීවර යාත්‍රාව එම සේවකයන් පස්‌දෙනකුද සමඟ මාලදිවයින බෝඩරය සීමාවේ පාවෙමින් තිබියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරක සිරකර ඇත. 


එරටේදී අත්අඩංගුවට පත් ඩියානා දුව ධීවර යාත්‍රාවේ නියාමක ලක්‍ෂ්මන් ජූඩ් 44 මහතාගේ බිරිඳ වන දමයන්ති මහත්මිය මෙසේ කීය. 

දොස්‌තරගේ ඒටීඑම් කාඩ්පත සොරාගෙන එක්‌ලක්‍ෂ පනස්‌දහසක බඩුගත් රියෑදුරයි බිරිඳයි මාට්‌ටු

බියගම රජයේ රෝහලේ වෛද්‍යවරයකුගේ නිල මෝටර් රථය තුළ තිබූ ඒ.ටී.එම්. බැංකු කාඩ්පත සොරාගෙන එයින් රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ වටිනා භාණ්‌ඩ මිලදී ගත් රියෑදුරකු හා ඔහුගේ අනියම් බිරිඳ බියගම පොලිසිය මගින් (30 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

තවද එම අනියම් බිරිඳ විසින් මිලදී ගනු ලැබූ භාණ්‌ඩ ද අනියම් බිරිඳ නවාතැන් ගෙන සිටින බියන්විල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇත.