BREAKING NEWS
latest

728x90

468x60

පොලිස් පොඩිඩන් 2000කට ලොකු තැන්

පොලිස්පතිවරයාගේද සහභාගිත්වය ඇතිව ජාතික පොලිස් කොමිසම පෙරේදා (7) රැස්වූ අවස්ථාවේ මෙම උසස්වීම් සියල්ල ලබා දිම‍ට තීරණය කැර තිබිණි

ඒ අනුව පොලිස් කොස්තාපල් (රියැදුරු) තනතුරේ සිට සැරයන් රියැදුරු දක්වා 291 දෙනකුට උසස් කැර තිබේ. පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා 2071ක්ද උසස් කැර ඇත.

පොලිස් සැරයන් (ප්‍රවාහන) තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා 8 දෙනකු උසස්විම් ලබා ඇති අතර සාමාන්‍ය සැරයන් සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා 190 දෙනකුද උසස්වීම් ලබා තිබේ.

පරවියන් යොදාගෙන කුඩු විකුණලා

පරෙවියන් යොදාගෙන ඉතා සූක්‍ෂම ලෙස කාලයක්‌ තිස්‌සේ කර ගෙන ගොස්‌ ඇති හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක්‌ වැටලීමට අම්බලන්තොට පොලිසිය සමත්ව තිබේ.

එහිදී හෙරොයින් සමඟ එක්‌ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1240 ක්‌ද සොයා ගෙන තිබේ. එහි වටිනාකම රු. 80,000 ක්‌ පමණ වන බව පොලිසිය පවසයි.

කි.මී 378ක් ධාවනය කරන නිසාන් ලීෆ් වෙළෙඳ පොළට

පරිසර හිතකාමී මෝටර් රථ අතර ලොව වැඩිම අලෙවියක් ඇති රථය ලෙස ප්‍රකට නිසාන් ලීෆ් රථයේ එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් (සැතපුම් 235ක්) ධාවනය කළ හැකි නවතම නිසාන් ලීෆ් රථය ඔක්තෝබරයේදී වෙළෙඳ පොළට හඳුන්වාදීමට යයි.

කෙසේ වෙතත්,මෙම රථය දැනට වෙළෙඳ පොළේ පෙරමුණ ගෙන සිටින එක් ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් මෝටර් රථ අභිභවා ගොස් නැති බවද වෙළෙඳ පොළ දත්ත පවසයි.

බිරිඳ සම්බන්ධ වාර්තා බොරු - තරුණ ව්‍යාපාරිකයාගේ ඝාතකයා කවුද? පොලීසියේ වාර්ථා බොරු

තරුණ ව්‍යාපාරිකයෙකු වන චමින්ද විජයතිලක නැමැත්තා පසුගිය 31වන දින ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වන හවුස් චන්ද්‍රා හෝටලයේදී ඝාතනය කර ඇතැයි පොලිස් වාර්තා පවසයි.

නමුත් මෙම ව්‍යාපාරිකයා මියගොස් ඇත්තේ පසුගිය 5වෙනිදා උදැසන බව ඔහුගේ පවුලට සමීප ආරංචි මාර්ග පවසයි.

එසේම ඔවුන් චෝදනා කරන්නේ පොලිසිය සහ හෝටල් හිමියන් එක්ව අදාල සිදුවීම වසන් කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

කෙසේ නමුත් පවුලට සමීප ආරංචි මාර්ග අනුව පසුගිය 31 වැනිදා අදාල ව්‍යාපාරිකයා හමුවන්නේ වම් අතේ අඟල් 9 ක් දිග කැපුම් තුවාලයක්, දත් 4 ක් මුලින්ම උගුල්ලා, හිස්කබල පිපිරී, හිසපිටුපසින් තුවාල වී, දිවේද කැපුම්තුවාල සහිතව ලේ විලක් මැද මරණාසන්නව අදාල හෝටලයේ කාමරයක වැටී සිටිය දීය.


පරිගණක ඉංජිනේරු වෘත්තිය අතහැරි සාරංග බදුල්ලේ සමාහිත නමින් පැවිදි වෙයි

ලෞකික ජීවිතයේ සියල්ල හැර දමා උතුම් මහණ දම් පුරන්නට හිතෙන්නේ කීයෙන් කී දෙනාටද?

පසුගිය දවස්වල එහෙම උතුම් පැවිදි දිවිය ලබා ගත් තරුණ හිමිවරුන් කිහිපදෙනෙකු පිළිබඳ අපි ඔබට නිරන්තරයෙන් කරුණු වාර්තා කළා.

අපි මේ කියන්න යන්නේ තවත් එහෙම කතාවක් ගැනයි.

ජගත් ජයසූරිය දකුණේ මිනී මැරුවා.. [Video]


හිටපු හමුදාපති ජගත් ජයසූරිය මනුෂ්‍ය ඝාතන කල බවත් උතුරේ පමණක් නොවන දකුණේත් කරන ලද ඝාතන සදහා නායකත්වය දුන්නේ ඔහු බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

පොලිස් නිළධාරියෙකුගේ තවත් හපන් ක්‍රියාවක් මෙන්න

පොලිසිය කියූ සැණින් කාගෙත් මතකයට නැගෙන්නේ විවිධාකාර මතිමතාන්තරය. එක් පසෙකින් රාජකාරියේ දෝෂ සොයන මිනිසුන් අපමණය, තවත් පසෙකින් පොලිස් නිලධාරින්ගේ වැරදි සොයන පිරිසක්ද මෙරට නැතුවාම නැත. ඔවුන් ජරා පප්පලානෙ කම්බ හොරු යන විරුදාවලියෙන් හංවඩු ගසන පිරිසක්ද සිටිති.

නමුත් ඒ හාත්පසින්ම වෙනස් ආකාරයේ පොලිස් නිලධාරින්ද දුලබ නොවන අතර වැටුපට සරිලන සේවයක් ඉටුකරමින් පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශයක් ගෙන දෙන අයද මේ අතර සිටිති.

පුතාගේ 19 හැවිරිදි පෙම්වතිය සමඟ 42 පියා පෙම් සුව විඳලා

තම පුතාගේ 19 හැවිරිදි පෙම්වතිය පුතාව හැරගිය පසු ඇය සමග චාටු කථාබස්වල යෙදී ඇය රවටා පෙම් සුව විඳීමට ගිය 42 හැවිරිදි තිදරු පියෙකු පිළිබඳ පුවතක් පල්ලේබැද්ද ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේ රක්වාන ගඟ රක්‍ෂිතයේ පෙම්වතුන් සැරිසරන ස්ථානයක
මැදි වයසේ පුද්ගලයකු සමඟ පාසල් වයසේ දැරියක් පෙම්වතුන් ලෙස හැසිරෙමින් සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ අමුතු සම්බන්ධය ගැන සැකයක් ඇතිවී විපරම් කිරීමේදී මෙම කාරණාව හෙළිව ඇත.


 පාසල් වයසේ දැරියක කිසියම් අයෙකු අපයෝජනය කිරීමට සූදානමක් ඇති බවට හඳුනාගෙන ඇතැයි
පොලිස් හදිසි ඇමතුම් අංශයට ප්‍රදේශවාසීන් දන්වා සිටීමේදී ගොඩකවෙල පොලිසිය පැමිණ මේ ගැන විමර්ශනයක් සිදු කර ඇත.‍

දක්‍ෂිණ අධිවේගයේදී ගිලන් රියක්‌ පෙරළී එස්‌ ටී එෆ් 4කට තුවාල


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක්‌ රැගෙන ඒමට ගිය පින්නදූව පිවිසුමේ ගිලන් රථයක්‌ ඊයේ (05 දා) උදෑසන 10.30 ට පමණ 86 සහ 87 කණු අතර පෝද්දල ප්‍රදේශයේදී පෙරළී යැමෙන් එහි ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ සිව්දෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය පවසයි.

විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂක මුණසිංහ, කොස්‌තාපල්වරුන් වන සංජීව (81329), මධුසංක (75351), රියෑදුරු කොස්‌තාපල් මධුසංක (13804) යන සිව්දෙනා මෙසේ රෝහල්ගත කර ඇති අතර දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මහීපාලගේ රිය අනතුරකඃ රියෑදුරුට බරපතළ තුවාල

සබරගමු පළාත් මහ ඇමැතිවරයා ගමන් ගත් ජීප් රථය පෙරේදා (4 දා) රාත්‍රි 12.45 ට පමණ අවිස්‌සාවේල්ල - කෑගල්ල මාර්ගයේ පිටගල්දෙණිය ප්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් එහි රියෑදුරු බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

අගලවත්ත-වලල්ලාවිට-බුලත්සිංහල පාලින්දනුවර නාය යාමේ අවධානම් තත්ත්වයක්

කළුතර දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට කඩින් කඩ ඇතිවන අධික වර්ෂා තත්ත්වයත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීම නිසා ජලය ඝන මීටර් 25ත් 30ත් අතර ප්‍රමාණයක් පිටවන බවත්, ඊට අමතරව මෙම වැසි තත්ත්වයත් සමඟ අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යාමේ අවධානම් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස නිවේදන නිකුත් කර ඇති බවත් කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී කර්නල් ජයසිංහ මහතා පවසයි.

විභාග වංචාවේ පියාට සහ පුතුට ඇප ලැබීමේ ඇතුළත සිද්ධිය මෙන්න

අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිසුවාට, වෛද්‍යවරයාට සහ ටියුශන් ගුරුවරයාගේ පියාට ඇප ලැබී තිබේ. ජිනේන්ද්‍ර රණසිංහ ටියුශන් ගුරුවරයාට සහ ඔහුගේ සහෝදරයාට ඇප ලැබී නැත. මෙසේ ඇප ලබා ගැනීම සඳහා පොලිස් විරෝධය වැළැක්වීමේ කුමන්ත්‍රණය පිළිබඳව ඊයේ ලුහුඬින් දැක් වූ කරුණු අපි අද සවිස්තරාත්මකව මෙසේ හෙළිදරව් කරන්නෙමු. 

නීතීඥ ගාස්තුව ලක්ෂ 30ක්

අදාල සිසුවාගේ පියා වන පොලිස් රෝහලේ දන්ත වෛද්‍යවරයා මෙම නඩුව වෙනුවෙන් සේවය ලබාගෙන තිබෙන්නේ නීතීඥ සුමිත් පරාක්‍රම පෙරේරා ගෙනි. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු වලට පෙනී සිටින මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) දැනටත් අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති බී.ආර්. එස්. ආර්. නාගහමුල්ලගේ සමීප මිතුරෙකි. නීතීඥ සුමිත් පරාක්‍රම මෙම නඩුව වෙනුවෙන් ලබාගෙන ඇති නීතීඥ ගාස්තුව රුපියල් ලක්ෂ 30කි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේම පිළිගෙන ද තිබේ. ඒ පිළිබඳව අපට කිසිදු ගැටළුවක් ද නැත. 

පෞද්ගලික අමනාපකම්වලට හමුදාව ගාවා ගන්න එපා

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (03 දා) ඉල්ලා සිටියේය.

එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

බස් - වෑන් අනතුරකින් 11කට බරපතලයි


දඹුල්ල මාතලේ මාර්ගයේ පන්නම්පිටිය ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී රිය අනතුරක් සිදුව තිබේ.

ඉන් එක් අයෙක් මිය ගොස් තවත් 11 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කුඩු රොෂාන්ගේ ගෝලයෝ මහත්තුරු සමග හැප්පෙති

බේස්‌ලයින් මාර්ගය ඔස්‌සේ ධාවනය වෙමින් තිබූ එක්‌තරා ත්‍රිරෝද රථයක්‌ දෙමටගොඩ සමන්තා සිනමා ශාලාවට නුදුරුව පිහිටි ඉන්ධන පිරවුම්හල අසලින් වමට හැරෙව්වේය. ත්‍රිරෝද රථය පවනට බඳු වේගයෙන් පංචිකාවත්ත දෙසට ධාවනය වුණේය.


මේ ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකි. ඔවුන් සියලු දෙනා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිsටියේ අවට ප්‍රදේශය ගැන දැඩි විමසිල්ලෙන්ය.

එදින සඳුදා දිනයක්‌ වූ නිසා මාර්ගවල වාහන තදබදය වැඩිය. මේ ත්‍රිරෝද රථයේ ගමන් ගනිමින් සිටි සිව්දෙනා අතුරින් එක්‌ අයකු මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකි. පාතාල ලෝකයේ විවිධ අපරාධ සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ලවී තිබුණේය.