BREAKING NEWS
latest

728x90

468x60

මහීපාලගේ රිය අනතුරකඃ රියෑදුරුට බරපතළ තුවාල

සබරගමු පළාත් මහ ඇමැතිවරයා ගමන් ගත් ජීප් රථය පෙරේදා (4 දා) රාත්‍රි 12.45 ට පමණ අවිස්‌සාවේල්ල - කෑගල්ල මාර්ගයේ පිටගල්දෙණිය ප්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් එහි රියෑදුරු බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.



මහීපාල හේරත් මහ ඇමැතිවරයාට මෙම අනතුරින් කිසිදු හානියක්‌ නොවී ඇති අතර ඔහු ගමන්ගත් ලෑන්ඩ් කෲෂර් වර්ගයට අයත් වාහනය ප්‍රයිමුවර් වාහනයක බඳෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මහ ඇමැතිවරයා රත්නපුර සිට කෑගල්ලට එන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇත. බරපතළ තුවාල ලැබූ ජීප් රථයේ රියෑදුරු පී. එස්‌. විජයරත්න මහතා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ප්‍රයිමුවර් රථයේ රියෑදුරු වතුර කෙසෙල්වත්තේ පදිංචි රුක්‍ෂාන් මධුසංක හා සහායක පිංදෙනිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සම්බන්ධව පිංදෙනිය පොලිසියේ ස්‌ථානාධිපති ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති පො.සැ. ජයතිස්‌ස මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

« PREV
NEXT »

Facebook Comments APPID