BREAKING NEWS
latest

728x90

468x60

දක්‍ෂිණ අධිවේගයේදී ගිලන් රියක්‌ පෙරළී එස්‌ ටී එෆ් 4කට තුවාල


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක්‌ රැගෙන ඒමට ගිය පින්නදූව පිවිසුමේ ගිලන් රථයක්‌ ඊයේ (05 දා) උදෑසන 10.30 ට පමණ 86 සහ 87 කණු අතර පෝද්දල ප්‍රදේශයේදී පෙරළී යැමෙන් එහි ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ සිව්දෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය පවසයි.

විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂක මුණසිංහ, කොස්‌තාපල්වරුන් වන සංජීව (81329), මධුසංක (75351), රියෑදුරු කොස්‌තාපල් මධුසංක (13804) යන සිව්දෙනා මෙසේ රෝහල්ගත කර ඇති අතර දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම අනතුර සිදුවීමට ටික වේලාවකට පෙර අධිවේගී මාර්ගයේ 76 කණුව අසල ලොරි රථයක්‌ අනතුරට පත්ව ඇති අතර එහි සිටි තුවාලකරුවන් රැගෙන ඒම සඳහා මෙම ගිලන් රථය පිටත්ව ගොස්‌ ඇත. එසේ යන විට පැවැති අධික ධාරානිපාත වැස්‌ස නිසා ගිලන් රථය පෙරළී ගොස්‌ අනතුරට ලක්‌වී තිබේ. පසුව වෙනත් ගිලන් රථයකින් තුවාලකරුවන් මාතර රෝහලට ගෙන ගොස්‌ ඇත.

උසස්‌ පොලිස්‌ නිලධාරියකු පැවසුවේ එම අවස්‌ථාවේ පැවැති ධාරානිපාත වැස්‌සත්, කරාපිටිය රෝහලට පිවිසෙන මාර්ග කිහිපයක්‌ ජලයෙන් යටවී තිබීමත් නිසා අධිවේගී මාර්ගයේම මාතර රෝහල වෙත රෝගීන් ගෙන ගිය බවයි. සහකාර පොලිස්‌ අධිකාරිවරයකු සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID