BREAKING NEWS
latest

728x90

468x60

පරවියන් යොදාගෙන කුඩු විකුණලා

පරෙවියන් යොදාගෙන ඉතා සූක්‍ෂම ලෙස කාලයක්‌ තිස්‌සේ කර ගෙන ගොස්‌ ඇති හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක්‌ වැටලීමට අම්බලන්තොට පොලිසිය සමත්ව තිබේ.

එහිදී හෙරොයින් සමඟ එක්‌ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1240 ක්‌ද සොයා ගෙන තිබේ. එහි වටිනාකම රු. 80,000 ක්‌ පමණ වන බව පොලිසිය පවසයි.

සැකකරු එම පොලිස්‌ වසමේ මැලේ කොළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හෙතෙම ජාවාරම කර ගෙන ගොස්‌ ඇත්තේ බොරලැස්‌ස ප්‍රදේශයේය.

අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර ද හෙරොයින් ජාවාරම සම්බන්ධ වැරදි සිදු කළ අයෙක්‌ වන අතර මංකොල්ලකෑම් සම්බන්ධ වැරදි වලටද, මිනීමැරුම් චෝදනාවකටද රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස්‌ව සිටින අයෙකු බවද පොලිසිය කළ විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබේ. සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 7 දින තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ස්‌ථානාධිපති පො. ප. ජගත් විඡේගුණරත්න මහතාගේ උපදෙස්‌ මත විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ඩී. එදිරිසිංහ, පො. සැ. 52671, චන්ද්‍රරත්න, පො. කො. 44716 බුද්ධික, පො. කො. 52694 සිරිවර්ධන යන නිලධාරීහු මෙම වැටලීම සිදු කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID