BREAKING NEWS
latest

728x90

468x60

මිණිපුරේ මන්තිරි පට්ටමක් දරන කැරලි කොන්ඩ මන්තිරීට වුන අකරතැබ්බය


මිණිපුරේ මන්තිරි පට්ටමක් දරන අලි පාටියෙ තරුණ හේෂ උන්නැහේ ඒ පළාතෙ පන්සලක මහ දායකයා. මේ පන්සලේ වාර්ෂික පෙරහරක් තියෙනවා. ඊයෙ පෙරේදා ඒක ගැන කතා කරන්න ලොකු සභාවක් කැඳෙව්වාලු...

මේ සභාවෙදි ගමේ දායක පින්වතුන් ඉල්ලුවෙ එකම දෙයයිලු. ඒ පෙරහර යන පාරෙ තියෙන වළවල් වහල පාර ටිකක් හදල දෙන්න කියලයි... පළාතෙ මන්තිරි තැනට ඕකත් කජ්ජක්ද කියල හේෂ උන්නැහෙත් වැඩේ ඉහළින්ම බාරගත්තාලු.

ඊළඟට මාර්ග සංවර්ධනේ බාර මහ කන්තෝරුවෙ අධිපති තැනට කෝල් එකක් අරන් තමන්ගෙ ගමේ වැඩේ ගැන කිව්වා. කියලා... ඕනෙ නම් මුළු වැඩේටම ලස්ස පහ හයක් යාවි කියලත් මතක් කළා... එතකොට මාර්ග සංවර්ධනේ ලොක්ක දුන්නෙ මාර උත්තරයක්. අනේ මන්තිරිතුමෝ ලස්ස පහක් තියා අතේ සතේ නැතුව අපි ඉන්නෙ... ඒ හින්ද දැන් නම් වැඩේ කරගන්න බැහැ...

ඔන්න ඔය අපභ්‍රංස උත්තරෙන් පස්සෙ මාරෙට අප්සෙට් වෙච්ච හේෂ මේක තමන්ගෙ පක්ෂයෙ ලොකු මහත්තයා වගේම රටේ දෙවැනි මහත්තයට සැරට පැමිණිලි කළා... උන්නැහේටත් ඒකට කේන්ති ගිහිල්ල වහාම මාර්ග සංවර්ධනේ මහ තැනට කතා කරල බරපතළෙට දෙහි කැපුවලු.

මේ දෙහි කැපිල්ල ඉවරවෙලා ගතවුණේ දවස් දෙක තුනයි උන්නැහේ නැහැයි කිව්ව සල්ලි එළියට ඇදුණා. ඕන කරන විදියට පාරත් හැදුණා. මේවට තමයි මාර වැඩ කියල කියන්නෙ.
« PREV
NEXT »

Facebook Comments APPID