BREAKING NEWS
latest

728x90

468x60

එළඹෙන පොසොන් පෝයට අපේ රටේ තරුණයෙකුගෙන් සුපිරි නිර්මාණය මෙන්න

තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් අලුත් දේවල් කරන්න ගොඩක් දෙනා උත්සාහ කරනවා. පසුගිය කාලය පුරාම නවීන තාක්ෂණය වගේම තමන්ගේ දැනුම යොදාගෙන අපේ රටේ තරුණයන් කල නිර්මාණ ලොවපුරා කතාබහට ලක්වුනා.


ඒ වගේම හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි අජන්ත දනුෂ්ක කුමාර නමැති තරුණයෙකු විසින් එළඹෙන පොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් තම තාක්ෂණික දැනුම සහ සිය හැකියාවන් උපයෝගී කරගනිමින් LED තොරණක් නිර්මාණය කර තිබෙනවා.

3mm x 5mm වර්ගයේ LED බල්බ 23000 ක් පමණ යොදාගනිමින් කල මෙම තොරණ උස අඩි 14 පමණ වන අතර මෙහි සියළු පරිපථ නිර්මාණය ඔහු විසින් තනිවම සිදුකර තිබීම විශේෂත්වයක්.

ස්වර්ණහංස ජාතකය රැගත් මෙම තොරණ එළඹෙන ජුනි 27 දා සිට හලාවත බංගදෙණිය ප්‍රදේශයේදී ප්‍රදර්ශනය කිරීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතිනවා.





« PREV
NEXT »

Facebook Comments APPID