BREAKING NEWS
latest

728x90

468x60

නිවසකට හයක්‌ ඇවිත් අටමස්‌ දරුවා බලෙන් උස්‌සලා

වවුනියාව, ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමුවන හරස්‌වීදියේ නිවසක මාස අටක්‌ වයසැති දරුවකු 31දා අලුයම හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ පැහැරගෙන ගොස්‌ ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

වවුනියාව පොලිසිය පැවසුවේ අලුයම වෑන් රථයකින් පැමිණි කණ්‌ඩායමක්‌ බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස්‌ ඇති බවට මූලික පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

වෂුදරන් වානිෂන් නමැති දරුවකු එලෙස පැහැරගෙන ගොස්‌ ඇති අතර, අලුයම වෑන් රථයකින් පැමිණි කණ්‌ඩායම නිවැසියන් බිය ගන්වා දරුවා පැහැරගෙන ගිය බව දරුවාගේ මව පැවසීය.

දරුවාගේ මව පැවසුවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර,පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක්‌ හටගෙන ඇති බවයි.

අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්‌ඩායමක්‌ යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බව දරුවාගේ මව පවසයි.

දරුවා පැහැරගෙන ගිය කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමට කණ්‌ඩායම් කිහිපයක්‌ යොදා පොලිසිය පරීක්‌ෂණ මෙහෙයවයි.
« PREV
NEXT »

Facebook Comments APPID