ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ගම්පහ මූලස්ථාන පොලීසි මගින් පසුගිය 10 දා අලුයම වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු බව කියන ටෙලි නාට්‍ය නිළියක් ඇතුළු කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හෝටලය පවත්වා ගෙන ගිය එහි කළමනාකරු ඇතුළු අනන්‍යතාවය ඔප්පුකර ගැනීමට නොහැකි වූ එහි සිටි පිරිමින් 8 දෙනෙකුද සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හෝටලයෙහි විවිධ අපචාර සිදුවන බවට ලැබී ඇති තොරතුරු මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරී සේනාපති සිල්වා මහතාගේ අධීක්ෂණය පරිදී ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම කර තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාවන් අවුරුදු 30 - 40 අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුහු නිට්ටඹුව, ගණේමුල්ල, යාගොඩ, සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් අනාවරණය වී තිබේ.
මෙම නිළියක් බව පැවසෙන මෙම කාන්තාව ටෙලිනාට්‍ය කිහිපයකම විවිධ චරිත රඟපා ඇති අතර ඇය සමාජ ශාලා වල සේවය කොට ඇති බවද අනාවරණයවී ඇත.
මෙම ස්ථානයෙහි කැරොකේ සමාජ ශාලාවක්ද පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ඇතුළු වීම පිණිස රුපියල් 500ක මුදලක් අය කෙරෙන බවත් පොලීසිය පසුව හෙළි කරගෙන තිබේ.
මෙහි බලපත් දීර්ඝකර ගැනීමකින් තොරව මත්පැන් අලෙවිසලක් සහ බලපත් රහිතව සමාජ ශාලාවද පවත්වා ගෙන ගොස් ඇති බවද හෙළි වූ බවත් පොලීසිය පවසයි.
මෙහි සිට අත්අඩංගුවට පත් කාන්තාවන් හත් දෙනාගෙන් හය දෙනෙකුම විවාහ වී සැමියාගෙන් වෙන්ව සිටින්නියන් බවද අනාවරණය වී තිබේ.
මොවුන් මීට පෙරද මෙබදු ස්ථාන වල රැකියාවන්හි යෙදුණු බවද පැවසෙයි.