BREAKING NEWS
latest

728x90

468x60

රට වෙනුවෙන් යුතුකම ඉටුකල විරුවා සමඟ විවාහවුන ඇය මධුමී ලංකා හේමමාලී

එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත් කරන ලද මානුෂීය මෙහෙයුමේදී පෙරියමඩු ප්‍රදේශයේ දී තුවාල ලැබු 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් ඊ.ඒ.එස් ඒකනායකගේ විවාහ උත්සවය පසුගියදා අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වුනා.

‘අභිමංසල – 3’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින ඔහු ජිවන ගමන් මගේ නව පිටුවක් පෙරළමින් විවාහ ගිවිසගත්තේ මෙරට බොහෝ දෙනාගේ අවධානය දිනාගනිමින්.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර විවාහ යුවල වෙනුවෙන් සාක්‍ෂි අත්සන් කිරිම රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා සහ රෙජිමේන්තු අධිපතිතුමන් අතින් සිදුකෙරුනා.

එසේම තම මනාලිය වන ඉහළ මාබුල, මධුමී ලංකා හේමමාලී මෙනෙවිය මෙම රණවිරුවාගේ ආබාධිත තත්වය ද නොසළකමින් පසුගිය වසර දෙකක කාලය පුරාවටම ඔහු සමඟ ආදරයෙන් බැදී ඇත.

මෙම මංගලෝත්සවය සම්ප්‍රදායික පොරුව චාරිත්‍රය, විවාහ ලියාපදිංචිය, මංගල කේක් කැපීම, ඥාතින් අතර ත්‍යාග හුවමාරුව, සුහපැතුම් එක්කිරිම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සංගීත කණ්ඩායමේ ගීත හා වාදනයන්ගෙන් සමන්විත වී තිබුණා.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් වශයෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා, සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා වික්‍රමරත්න සමගින් සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.









« PREV
NEXT »

Facebook Comments APPID