BREAKING NEWS
latest

728x90

468x60

ජනප්‍රිය නළුවා සහ ජනප්‍රිය නිළිය - හේමාල් සහ යුරේනි - ජැක්සන් ඇන්තනීට සම්මානයක්

දෙරණ නාලිකාව මඟින් සංවිධානය කරන ලද දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පෙරේදා 26 සෙනසුරාදා දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

එහිදී හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස “ධර්මයුද්ධය” චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ජැක්සන් ඇන්තනි සහ දිල්හානි අශෝකමාලා ඒකනායක සම්මානයෙන් පිදුම් ලැබුහ.

'දෙරණ සන්සිල්ක් ෆිල්ම් අවෝර්ඩ් 2018' හිදී මෙවර ජනප්‍රිය නළුවා ලෙස හේමාල් රණසිංහ සම්මාන හිමි කර ගත් අතර, ඔහු රංගනයෙන් දායක වූ දේදුනු ආකාසේ චිත්‍රපටය හේතුවෙන් එම සම්මාන හිමි විය.

මෙවර ජනප්‍රිය නිළිය ලෙස යුරේනි නොෂිකා සම්මාන ලබා ගත් අතර, ඒ ඇය රංගනයෙන් දායක වූ නිනෝ ලයිව් චිත්‍රපටය හේතුවෙනි.
« PREV
NEXT »

Facebook Comments APPID