BREAKING NEWS
latest

728x90

468x60

දහසය වතාවක්‌ දූෂණයට ලක්‌වූ දැරිය ළමා නිවාසයෙන් පැන යද්දී නැවතත් අතවර කරලා

දහසය වතාවක්‌ දූෂණයට ලක්‌වීම නිසා ළමා නිවාසයක රඳවා සිටියදී ළමා නිවාසයෙන් පැන ගොස්‌ දාහත්වැනි වතාවටත් දූෂණයට ලක්‌වූ බාල වයස්‌කාර දැරියක්‌ අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඇය රඳවා තැබීමට සුදුසු නිවාසයක්‌ සොයන ලෙස පරිවාස නිලධාරීන්ට උපදෙස්‌ දුන් ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් අසංගා හෙට්‌ටිවත්ත මෙනවිය එතෙක්‌ දැරිය ගාල්ල ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා තැබීමට (03දා) නියෝග කළාය.

මෙම දැරිය පළමු වරට 2016 වසරේ දූෂණයට ලක්‌ව ඇති බවත් දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මොරවක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු දහයක්‌ද, මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පහක්‌ද, උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ද විභාග වෙමින් පවතින බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

මේ නිසා අධිකරණ නියෝග මත ඇය ගාල්ලේ ළමා නිවාසයක රඳවා සිටියදී ඉකුත් පෙබරවාරි 28 වැනි දින එම ළමා නිවාසයෙන් පැන ගොස්‌ සිටියදී කොළඹ මෝදර ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ නිවසට කැඳවා ගෙන ගොස්‌ දින කිහිපයක්‌ තිස්‌සේ එම නිවසේ තබාගෙන දූෂණය කර ඇති බවත් එසේ සිටියදී තවත් කාන්තාවක්‌ විසින් ඇයට ඒ අසල සපත්තු කම්හලක රැකියාවක්‌ සොයා දී ඇති බවත් පොලිසිය කියා සිටියේය.

පසුව ඇය මවට දුරකථන ඇමතුමක්‌දී තමා සපත්තු කම්හලේ සිටින බව පවසා ඇති බවත්. ඒ අනුව මව එහි ගොස්‌ දැරිය කැඳවාගෙන පැමිණ ගාල්ල පොලිසියට භාරදුන් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය. 

අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය කරුණු සලකා බලා දැරිය රඳවා තැබීමට සුදුසු නිවාසයක්‌ යෝජනා කරන ලෙස පරිවාස නිලධාරීන්ට උපදෙස්‌ දී එතෙක්‌ ගාල්ලේ රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට නියෝග කොට වැඩිදුර කරුණු දැක්‌වීම ජුලි 25 වැනි දිනට කල් තැබූවාය.

ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක අජිත් කුමාර මහතාගේ උපදෙස්‌a පරිදි ගාල්ල කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‌ෂිකා ඒ. අල්ගෙවත්ත, ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‌ෂිකා චෞද්රි, සැරයන් සමරනායක (25312) යන මහත්ම මහත්මීන් විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යනු ලැබේ.

අහංගම - සුගතපාල දීයගහගේ
« PREV
NEXT »

Facebook Comments APPID