BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ඇමරිකාවේ බුදු දහමගැන ඔබ නොදත් කතාවක්

එහෙත් ඇමරිකාවට බුදු දහම හඳුන්වා දුන් පසු එහි භාවනා ක්‍රම වල අපූර්ව බලය පිළිබඳව ඇමරිකානුවෝ පැහැදුනහ. වියට්‌නාම භික්‌ෂුවක වූ තිච් නාහ්ත් හැන්හ් විසින් නිර්මිත ප්‍රායෝගික බෞද්ධ දර්ශන සංකල්පයන් පාරිසරික හා සමාජ සාධාරණත්වය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනෙන්නට විය. ජපන් සෙන් ගුරුවරයෙකු වූ ඩයිසෙට්‌සු ටෙයිටාරෝ සුසුකි නම් බෞද්ධ ලේඛකයාගේ ලියමන්ද ආසියාතික මෙන්ම ඇමරිකානු බෞද්ධ ගුරුවරුන් කෙරේ මහත් බලපෑමක්‌ ඇති කළ අතර මේ ඉගැන්වීම් මගින් ඇමරිකානු සංස්‌කෘතියටද බුදු දහමේ ආභාෂය මුසු වෙන්නට විය.

බුදු හිමියන්ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන තෙමඟුල අප සමරන්නේ මැයි හෙවත් වෙසක්‌ මාසයේදීය. එහෙත් උතුරු කැලිෆෝනියාවේ ඇති සෙන් විහාරස්‌ථානයේදී මේ තෙමගුල සැමරෙන්නේ දෙසැම්බර් නිවාඩුවේදීය. කුඩා දරුවන්ට කෙටි දේශනයකින්ද, ඉන්පසුව ඉටිපන්දම් පත්තු කර වන්දනා කිරීමකින්ද පසුව භෝජන සංග්‍රහයකින්ද වෙනත් සැමරුම් වලින්ද බුදුන්ගේ ඉපදීමත් බුද්ධත්වයත් සැමරීම එහි සිරිතය.

ඒ ඇමරිකන් පන්නයේ බුදු දහමෙහි පැතිකඩකි.

ඇමරිකානු සංස්‌කෘතික විඤ්ඤාණයට මුලින්ම බුදු දහම ප්‍රවේශ වනුයේ 19 වන සියවසේ අග භාගයේදීය. ඒ ඇමරිකානු දාර්ශනික කවීන්ගේ, කලා විචාරකයින්ගේ සහ ලෝක ආගම් පිළිබඳ විද්‍යාර්ථêන්ගේ චින්තනයන්ට පෙරදිග ආගමික ඉගැන්වීම්වල සෞන්දර්යාත්මක සංකල්ප මුසු වූ යුගයයි.

හෙන්රි ඩේවිඩ් තෝරෝව් සහ රැල්µa එමර්සන් වැනි කවීන් හින්දු සහ බෞද්ධ දර්ශනයන් ගැඹුරින් හැදෑරූහ. 1880 දී ශ්‍රී ලංකාවට පැමිණි හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ බුදු දහම වැළඳගත් අතර zපරමවිඥානාර්ථයZ නම් ප්‍රකට දර්ශනවාදය සොයාගත්තේය.

මේ අතරම බෞද්ධ කලා රසිකයින් විසින් බෞද්ධ සංස්‌කෘතියේ ඇති සෞන්දර්යාත්මක බව ඇමරිකාවට හඳුන්වා දෙනු ලැබිණ. කලා ඉතිහාසඥයෙකු මෙන්ම දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ අර්නස්‌ට්‌ ෙµනෙලොසා සහ ඔහුගේ සමකාලීනයෙකු වූ විලියම් ස්‌ටර්ජිස්‌ බිගෙලෝ බෞද්ධ කලාවන් සොයාගෙන ජපානයට ගිය ප්‍රථම ඇමරිකානුවන් වූහ. ජපානයට ගොස්‌ එහිදී බුදු දහම වැලඳ ගත් ඔවුහු මහත් උනන්දුවෙන් බෞද්ධ කලාකෘති එකතු කළහ. ඔවුන් නැවත සියරට එන විට රැගෙන ආ බෞද්ධ කලාකෘති එකතුව ඇමරිකාවට ආසියානු කලාව පිළිබඳ වටිනා දැනුම් සම්භාරයක්‌ වූ අතර මේ වන විට එම කලාකෘති බොස්‌ටන් නගරයේ ඵමිeමප දෙ Fසබැ Aරඑs හි සුරක්‌ෂිතව ඇත.

ඒa හා සමකාලීනවම පෝල් කාරස්‌ වැනි ලෝක ආගම් පිළිබඳ විද්‍යාර්ථêන් ඇමරිකානුවන් වෙත බෞද්ධ ඉගැන්වීම් ළඟා කරවන්නට කටයුතු කළහ. ඔහු ඔයෑ Gospel of Buddhaනම් ග්‍රන්ථය ලියා පළ කළ අතර එම ග්‍රන්ථය ඇමරිකානුවන් අතර අලෙවි වාර්තා තැබූ කෘතියක්‌ බවට පත් විය. ඔහු එම ග්‍රන්ථය පළ කළේ 1893 වසරේ චිකාගෝ හි පැවැත්වුණු -''ලෝක ආගමික පාර්ලිමේන්තුව'' ට සහභාගි වී වසරකට පසුවය. මෙය සුවිශේෂී අවස්‌ථාවකි. එය මෑත ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ පවත්නා ප්‍රධාන ආගම් වල නියෝජිතයින්ට එක්‌ව තම තමන්ගේ ආගම් වල හරයන් පිළිබඳව දැනුම හුවමාරු කරගන්නට ලැබුණු අවස්‌ථාවකි.

චිකාගෝවට බුදු දහම ගෙන එන්නට මුල් වනුයේ ජපාන සෙන් භික්‌ෂුවක වන ශාකු සෙයෝන් සහ තමන්ගේ සංස්‌කෘතිය ගොඩ නංවන අරමුණින්ම බටහිර විද්‍යාවන් හා දර්ශනවාදයන් පිළිබඳව හැදෑරූ ශ්‍රී ලාංකික බෞද්ධ සමාජ සංශෝධකයෙකු වූ අනගාරික ධර්මපාල තුමන්ය. ඔවුහු තමන්ගේ ආගම ඇමරිකානු වැසියන් වෙත ඉදිරිපත් කළේ ''අර්ථවිරහිත ඇදහීම් නැති, සියල්ලට බලපාන දෙවිකෙනෙක්‌ නැති, මිථ්‍යා විශ්වාස නැති සහ නිදහස්‌ දර්ශනයක්‌'' ලෙසය. 

ඇත්තෙන්ම සාම්ප්‍රදායික බුදු දහමේ දේව සංකල්පයක්‌ නැත, මතවාද හෝ විවිධාකාර පූජාවිධිද නැත. අනෙකුත් ආගම්වල මෙන් පූජනීය ග්‍රන්ථ හෝ ශාඛා වලට බෙදීම් නැත. එහෙත් 1893 ලෝක පාර්ලිමේන්තුවේදී බෞද්ධ නියෝජිතයින් විසින් නූතන ඇමරිකානුවන්ට ඔවුන්ගේ භාවනාවන් පිළිබඳව ඉදිරිපත් කරමින් අවධාරණය කොට සිටියේ බුදු දහම යනු හුදෙක්‌ ආගමක්‌ නොව ප්‍රායෝගික දර්ශනවාදයක්‌ බවයි. වර්තමානය දක්‌වාම ඇමරිකානුවන් විසින් බුදු දහම සලකන්නේ ඒ අර්ථයෙනි.

එයින් අදහස්‌ වනුයේ බෞද්ධයින් තම දර්ශනය හිතාමතාම වැරදි ලෙස අර්ථ ගැන්වූවා යන්න හෝ ඇමරිකානුවන්ට අසන්නට වුවමනා වූ දෙය කීවා යන්න නොවේ. ඔවුන් ඉන් සැබවින්ම උත්සාහ කළේ අවුරුදු දෙදහස්‌ පන්සියයක්‌ පැරණි තම ආගමික දර්ශනය නූතන සමාජයට ගෝචර වන සේ ඉදිරිපත් කරන්නටය.

එහෙත් එහි අවසන් ඵලය වූයේ බුදු දහම නමැති විසල් වෘක්‌ෂයේ අතු රිකිලි කිහිපයක්‌ පමණක්‌ ඇමරිකානු පසෙහි රෝපනය කිරීම පමණකි. බුදු දහමෙහි වඩාත් වැදගත් සංස්‌කෘතික අංග සහ ඉගැන්වීම් ආසියාකරයෙහිම රැඳී පවතිද්දී ඇමරිකාවට පැමිණියේ බුදු දහමෙහි කප්පාදු කළ කොටස්‌ කිහිපයක්‌, බෞද්ධ කලාවන්ගෙන් අතලොස්‌සක්‌ සහ භාවනා ක්‍රම ස්‌වල්පයක්‌ පමණකි.

එහෙත් ඇමරිකාවට බුදු දහම හඳුන්වා දුන් පසු එහි භාවනා ක්‍රම වල අපූර්ව බලය පිළිබඳව ඇමරිකානුවෝ පැහැදුනහ. වියට්‌නාම භික්‌ෂුවක වූ තිච් නාහ්ත් හැන්හ් විසින් නිර්මිත ප්‍රායෝගික බෞද්ධ දර්ශන සංකල්පයන් පාරිසරික හා සමාජ සාධාරණත්වය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනෙන්නට විය. ජපන් සෙන් ගුරුවරයෙකු වූ ඩයිසෙට්‌සු ටෙයිටාරෝ සුසුකි නම් බෞද්ධ ලේඛකයාගේ ලියමන්ද ආසියාතික මෙන්ම ඇමරිකානු බෞද්ධ ගුරුවරුන් කෙරේ මහත් බලපෑමක්‌ ඇති කළ අතර මේ ඉගැන්වීම් මගින් ඇමරිකානු සංස්‌කෘතියටද බුදු දහමේ ආභාෂය මුසු වෙන්නට විය.

ඇමරිකානු අධ්‍යාපනයට බෞද්ධ අධ්‍යාපනය මුසු වූයේ කොලරාඩෝවෙහි ප්‍රථම බෞද්ධ අනුබද්ධිත විශ්ව විද්‍යාලය වූ නරෝපා විශ්වවිද්‍යාලය පිහිටුවීමත් සමගය. බුදු දහම පිළිබඳ උසස්‌ අධ්‍යාපනය සඳහා වූ අනෙකුත් අධ්‍යාපන ආයතන වන බටහිර කැලිෙµdaනියා විශ්වවිද්‍යාලය, සෝකා විශ්වවිද්‍යාලය, ඔරිගොන් හි මෛත්‍රිපා විද්‍යාලය වැනි අධ්‍යාපන ආයතන පිහිටුවීම සඳහා මෙයින් මුලපිරිණ.

-"බෞද්ධ භාවනා මගින් මානසික ආතතියට පිළියම් යෙදීම" මේ වන විට ඇමරිකානු වෛද්‍ය ක්‌ෂේත්‍රය පිළිගත් ක්‍රමවේදයකි. එසේම සිරකරුවන්ගේ මානසික ආතතිය හා කෝපය පාලනය කිරීම සඳහා -විපස්‌සනා භාවනා වැඩසටහන් -ඇමරිකාවේ බන්ධනාගාර තුළ පැවැත්වෙයි. මෙසේම හමුදා සෙබළුන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක්‌ ලෙසින්ද බෞද්ධ භාවනා ක්‍රම යොදා ගනු ලබයි.

මේ වන විට හොලිවුඩ් සිනමාවේ ඔයෑ ඵ්එරසං වැනි දැවැන්ත සිනමා නිර්මාණයන් සඳහාද බෞද්ධ තේමාවන් යොදා ගන්නා අතරම, ක්‍රීඩා ක්‌ෂේත්‍රයටද බුදු දහමේ ආභාෂය පැමිණ ඇත. ඒ සෙන් ක්‍රීඩා පුහුණු උපක්‍රම භාවිත කිරීමෙනි. 

බුදු දහම යනු හුදෙක්‌ ආගමක්‌ පමණක්‌ නොව පුළුල් පරාසයක ක්‌ෂේත්‍රයන්ට ප්‍රායෝගිකව යොදා ගත හැකි දර්ශනවාදයක්‌ බව ඇමරිකානුවන් විසින් මේ වන විට අවබෝධ කරගනිමින් පවතියි. 

එහෙත් බුදු දහම වැරදි කෙලවරින් අල්ලා ගත්තවුන් ඇමරිකාවේද නැත්තේ නොවේ. බුදු දහමේ ඇති පරාර්ථකාමිත්වය සහ මෛත්‍රිසහගත සංකල්ප ගැන අධ්‍යයනයක්‌ නොකොට බුදු දහම යනු ස්‌වාර්ථය පමණක්‌ සලසාගන්නා ආගමික සංකල්පයක්‌ පමණක්‌ යෑයි අදහන කොටසක්‌ද වෙයි. එමෙන්ම බුදු දහමේ පෙරදිග ආභාෂයන් හේතුකොට ගෙන එය වෙළෙඳ අරමුණින් පමණක්‌ යොදා ගන්නා අයද වෙයි. ''සෙන් තේ'', -''ලකී බුද්ධා බාර්'' ආදී ලෙසින් තම වෙළෙද භාණ්‌ඩ ප්‍රවර්ධනය කරගැනීම සඳහා ඔවුහු බුදුදහමේ නම විකුණති.

මේ සියල්ලෙන් පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. ඒ කාරණය නම් බුදු දහමේ පැවැත්මට හා පැතිරීමට බලපාන එකම කරුණ මිනිසුන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාවත්, බුද්ධිමත් බවත් මිස කාලය හෝ දේශය පිළිබඳ ප්‍රශ්නයක්‌ බුදු දහමට නැති බවය. 

නිම්මි මුදිතා හේරත්
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.