BREAKING NEWS
latest

728x90

468x60

කුරුමිණියා උගුරේ හිරවී පුංචි පුතු මියයයි

මෙම දරුවා සිය මව සමඟ නිවසේ සාලයේ ඒ මේ අත දණගාමින් සිට ඇති අතර එකවරම දරුවා යමක්‌ කට තුළට ඔබාගන්නා අයුරු දුටු මව එය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරා තිබේ. දරුවා ලවා වමනය දැමීමට සැලැස්‌වුව ද කටට දමාගත් කුරුමිණියා පිටතට නොපැමිණි නිසා දෙමාපියන් දරුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවා මියගොස්‌ ඇත.

සිය නිවසේ දණගාමින් සිටි මාස දහයක්‌ වයසැති බිලිඳු දරුවකු බිම වැටී සිටි කුරුමිණියකු කටේ දමා ගැනීම නිසා උගුරේ හිර වී පෙරේදා (03 වැනිදා) රාත්‍රි මියගොස්‌ ඇත.

සපුගස්‌කන්ද පොලිස්‌ වසමේ, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි දේවමුල්ලගේ ශස්‌මිත අනුහස්‌ නමැති ළදරුවකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත.

මෙම දරුවා සිය මව සමඟ නිවසේ සාලයේ ඒ මේ අත දණගාමින් සිට ඇති අතර එකවරම දරුවා යමක්‌ කට තුළට ඔබාගන්නා අයුරු දුටු මව එය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරා තිබේ. දරුවා ලවා වමනය දැමීමට සැලැස්‌වුව ද කටට දමාගත් කුරුමිණියා පිටතට නොපැමිණි නිසා දෙමාපියන් දරුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවා මියගොස්‌ ඇත.

මෙම දරුවාගේ දෙමාපියන් මීට වසර තුනකට (03) පමණ පෙර විවාහ වී ඇති අතර ඔවුන් දෙපළගේ එකම දරුවා මියගිය අනුහස්‌ ය. මෙම මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්‌ෂණය පැවැත් වූ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එම්. ඡේ. එස්‌. ගුණතිලක මහතා නිගමනය කර ඇත්තේ දරුවාගේ ස්‌වාසනාලයේ කුරුමිණියකු සිරවීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.

සපුගස්‌කන්ද පොලිසියේ පො. කො. (51737) සී. වී. පී. පී. පර්සිලාල් මහතා මරණ පරීක්‌ෂණයේ සාක්‌ෂි මෙහෙය විය.

කමල් බෝගොඩ
« PREV
NEXT »

Facebook Comments APPID