BREAKING NEWS
latest

728x90

468x60

සල්මන් ඛාන්ට වසර 5 ක සිරදඩුවමක් | Salman Khan


දුර්ලභ වර්ගයේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක් නියම වී තිබේ.

වසර 20කට පෙර සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ජොද්පූර් අධිකරණය විසින් අද(05) දිනයේ සල්මන් ඛාන් අදාළ චෝදනාවට වරදකරු බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් දසදහසක දඩයක් ද අධිකරණය විසින් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

1998 වර්ෂයේදී රාජස්ථාන් ප්‍රාන්තයේ චිත්‍රපටයක් රූගතකිරීමක් අතරතුර දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙකු ඝාතනය කළ බවට සුපිරි නළු සල්මන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණි.

52 හැවිරිදි සල්මන් ඛාන්ට අදාල දඬුවම සම්බන්ධයෙන් ඉහළ අධිකරණයකට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID