BREAKING NEWS
latest

728x90

468x60

පිළිකාවක්‌ ඇතිවීමට සිරුරේ බලපාන හේතු මෙන්න

පිළිකා යන වචනය ඇසීමට පවා අප එතරම් කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. ඒ තරමට අප තුළ පිළිකා රෝගය සම්බන්ධව ඇත්තේ බියකි.

වෛද්‍යතුමනි, දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකාව හඳුන්වා දී ඇත්තේ කෙසේද?

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා වර්ග 4848 ක්‌ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මෙම වර්ග අතර ශරීරය තුළ හටගන්නා ගෙඩි ද ඇතුළත් වෙනවා. එනිසා යම් පුද්ගලයකු තම ශරීරයේ හටගත් ගෙඩිවලටත් පිළිකාව කියා පවසනවා.

ශරීරයේ හට ගන්නා ගෙඩි සහ පිළිකා වර්ග රැසක්‌ සුව කළ හැකියි. සුව කළ නොහැකි පිළිකා වර්ග ඇත්තේ ඉතා ස්‌වල්පයක්‌ පමණයි.

යම් පුද්ගලයකුගේ ශරීරය තුළ පිළිකාවක්‌ හට ගැනීමට බලපාන හේතු රාශියක්‌ තිබෙනවා. ඉන් ප්‍රධානතම හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අපගේ ශරීරයේ පවතින වාත, පිත සමඟ සෙම යන ප්‍රධන ධාතුන් තුන දූෂිත වීමයි.

වාත, පිත, සහ සෙම යන ධාතූන් තුන ශරීරය තුළ තිබිය යුතු මට්‌ටමක්‌ තිබෙනවා. එය අඩුවීමත් හොඳ නැහැ. වැඩිවීමත් හොඳ නැහැ. යම් පුද්ගලයකුගේ ශරීරයේ තිබෙන මෙම ධාතුන් තුනෙහි ඇතිවන වෙනස්‌කම් දිගු කාලයක්‌ පැවැතීමෙන් පිළිකා ඇතිවිය හැකියි.

ඊට අමතරව අපගේ ශරීරයේ තිබෙන රස, රක්‌ත, මාංශ, මේද අස්‌ථි, ඇටමිදුලු ශුක්‍රාණු සහ ඩිම්බ යන සප්ත ධාතුන්ගේ ඇතිවන වෙනස්‌කම් නිසාත් පිළිකා රෝග හට ගැනීමට බලපානවා.

එසේම මනසේ පවතින ගුණාංග වන සත්ත්ව ගුණ, රජස්‌ ගුණ, තමස්‌ ගුණ යන ගුණවල ඇතිවන වෙනස්‌කම්ද පිළිකාවක්‌ ඇතිවීමට බලපානවා.

ඇත්තෙන්ම යම් පුද්ගලයකුගේ ශරීරයේ නීරෝගි බව රදා පවතින්නේ මා ඉහතින් දැක්‌වූ සියලු කරුණු කාරණාවල නිවැරදි ක්‍රියාකාරීත්වය අනුවයි. ඉතින් ඒවායේ යම් දෝස පවතින විට ශරීරය රෝගී වෙනවා. එහිදී පිළිකා රෝග මතුවීමට පමණක්‌ නොව වෙනත් රෝග මතුවීමට ද හේතු වෙනවා. එනිසා සෑම පුද්ගලයකුම තම ශරීරයේ නීරෝගි බව රැක ගැනීමට නම් මෙම සියලු ධාතූන්ගේ ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වා ගෙන යැමට අවධානය යොමු කළ යුතුයි.

වෛද්‍යතුමනි, මෙම ධාතූන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස්‌වීම නිසා පිළිකා සෑදෙන්නේ කෙසේද?

වාත, පිත, සෙම, යන ධාතූන්වල දෝෂ අති වුවත් රස, රක්‌ත, මාංශ, වේද අස්‌ථි, ඇටමිදුලු, ශුක්‍රාණු සහ ඩිම්බ යන සප්ත ධාතුවල දෝෂ ඇතිවුවත් සත්ත්ව, රජස්‌ යන ගුණයන්හි දෝෂ ඇතිවුවත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපගේ ශරීරයේ ඇති රුධිරයටයි.

මේවායේ හට ගන්නා දෝෂ නිසා රුධිරය දූෂණයට ලක්‌වෙනවා. රුධිරය දූෂණයට ලක්‌වූ විට ඒ බලපෑම සෛලවලට බලපානවා. සෛල දූෂණයට ලක්‌වූ විට සෛල තුළ ඇති න්‍යෂ්ටිය බලපානවා. එවිට න්‍යෂ්ටිය තුළ ඇති ප්‍රධාන අණුව වන ඩී. එන්. ඒ. අණුවේ ඇති භෂ්ම අනුපිළිවෙළ වෙනස්‌වීමට ලක්‌වෙනවා.

ඩී. එන්. ඒ. අණුව තුළ ඇති භෂ්ම අනුපිළිවෙළ වෙනස්‌වීමට ලක්‌වීමෙන් ඒවායේ විකෘති හටගන්නවා. මෙම විකෘති වූ ඩී. එන්. ඒ. අණු මගින් සෛලවල විකෘතිතා ඇති කරනවා. එවිට එම විකෘති වූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම තුළ ශරීරයේ විෂමතා හට ගන්නවා. මෙම අසාමාන්‍ය සෛල මගින් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරනවා. එවැනි බාධා කිරීම් නිසා ශරීරය රෝගී බවට පත්වෙනවා. මෙලෙස ඇතිවන රෝගී බවට අප පිළිකාවක්‌ හටගෙන ඇතැයි කියා පවසනවා.

එනිසා පිsළිකාවක්‌ කියන්නේත් තවත් එක්‌ රෝගී තත්ත්වයක්‌. එය ඇතිවීමට බලපා ඇති හේතු සොයා බලා ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව සුවපත් කර ගත හැකියි. ඒ සඳහා දේශීය ආයුර්වේදයේ ඕනෑතරම් ප්‍රතිකාර තිබෙනවා. එනිසා පිළිකාවක්‌ ඇතිවූ විට බියවීම අවශ්‍ය නැහැ. කළ යුත්තේ නිවැරදි ප්‍රතිකාර සඳහා යොමුවීමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718285605 හෝ 0778985757 ඇමැතිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය
වජිරජීව සරත් කුමාර
« PREV
NEXT »

Facebook Comments APPID