BREAKING NEWS
latest

728x90

468x60

ආයෝජකයන් අද්දවා ගැනීමට කැලෑ ඉඩම් අන්තර්ජාලයට

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ මුදල් යෙදවීම සඳහා ආයෝජකයන් ආකර්ශනය කරගනු පිනිස රට තුල ඇති කැලෑ ඉඩම් සියල්ල කඩිනමින් හඳුනාගැනීම පහසු කිරීම සඳහා රජය කටයුතු සලසා තිබේ.

එම පියවර ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමණාකරන ඒකකයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුලත් සිතියමක් අන්තර්ජාල ගත කිරීමෙනි.


එමගින් විවිධ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම සඳහා සුදුසු ප්‍රදේශ “ඉක්මණින් සහ පහසුවෙන්” හඳුනාගැනීමේ ඉඩකඩ සැලසෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

“ආයෝජකයන්ට පහසුකම් සපයමින් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ආයෝජන දිරිගැන්වීමේ ක්‍රියාමාර්ගයක්,” ලෙස එම සිතුවම් ගත කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් හඳුන්වා දී තිබේ.

මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ ආයෝජකයන්ට තම ව්‍යාපෘති ස්ථාන ගත කිරීමේදී රජය සතු රක්ෂිත, වනාන්තර හා වාරිමාර්ග සඳහා වෙන්කරන ලද ඉඩම් හඳුනාගැනීම සඳහා “නිශ්චිත එක මූලාශ්‍රයක්” නැතිවීමේ බාධාව එමගින් ඉවත් කෙරේ.

වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී රටේ භෞමික පරිසර සම්පත රැකබලා ගැනීමේ වගකීම භාර ආයතන විසින් දෙන ලද තොරතුරු මත පදනම් වී සකස් කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන සිතියම, මිනින්දෝරු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැක.
« PREV
NEXT »

Facebook Comments APPID