BREAKING NEWS
latest

728x90

468x60

දසුන් නවක නිලියක් සමග සබඳතාවක් පවත්වන බව පෙර දිනක දුරකතනයෙන් සිය මවට කියල

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි ඔහු මෙලෙස ඊයේ ගෙලවැලලාගෙන මියගොස් තිබුනේ.

28 හැවිරිදි වියේ පසුවූ දසුන් නිශාන් හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වූවා.
බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්. පන්නිපිටියේ නවතැන්පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේදීමයි.
එම අවස්ථාවේ කිසිවෙකු අදාල නවතන්පොලේ සිට නොමැති අතර ඔහු සමඟ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු එම නවාතැන්පොලේ සිටින බවයි වාර්තා වන්නේ. දසුන් ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන සිටියා.


ජංගම දුරකථනයේ රූගත වෙලා :
කෙසේ වෙතත් තමන් ගෙලවැලලාගන්නා අයුරු ඔහුගේ ජංගම දුරකථනය මගින් පටිගතකර තිබියදී පොලිසියට හමුවූවා. පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක තිබෙනවා.
පසුව එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට විදුලි පංකාවක එල්ලෙමින් තිබූ සිරුර දැක ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව ඔහු දෙවරක් එල්ලීමට තැත්කර තිබෙනවා. එක් අවස්ථාවක ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිටි ඔහු නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි එහි සිටි රංගන ශිල්පියෙක් ප්‍රකාශ කළේ.
එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලිපියක් ද ලියා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බවටයි එමගින් ඔහු සඳහන් කර ඇත්තේ.
මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව අද දින සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. මේ අතර අදාළ සියදිවි නසාගැනීම පෙම්සම්බන්ධතාවක් මුල්කරගෙන සිදුකරගත් දෙයක් ද යන්න පිලිබන්දව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



නිලියක් සමග සබඳතාවක් 



ඊයේ සිදු කෙරුනු පශ්චාත් මරණ පරික්ෂණයේදි මියගිය දසුන්ගේ මව සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තම පුත්‍රයා පසුගිය දිනවල දුරකථනයෙන් කථා කර නවක නිලියක් සමග සබඳතාවක් පවත්වන බව ප්‍රකාශ කළ බවයි.

ඇයව විවාහ කර ගැනිමට අවශ්‍ය බව ප්‍රකාශ කල නමුත් එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව දසුන් ගේ මව සාක්ෂි ලබාදෙමින් කියා සිටියාය.

දසුන්ගේ පියා වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන අතර ඔහු වාසය කරන්නේ කැනඩාවේය.

මිය යන විට 29 හැවිරිදි වියේ පසු වු දසුන් නිශාන් කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකුද වන අතර ඔහුට එක් සහෝදරයෙකුද සිටියි.





« PREV
NEXT »

Facebook Comments APPID