BREAKING NEWS
latest

728x90

468x60

කාකි ඇදුමෙන් වටවූ උණුවෙන හදවතක් තිබූ කැලණියේ පොලිස් මහත්වරුන්ගෙන් අසරණ පවුලකට සෙවණ

අව්වට වැස්සට තෙමී මඩුවක් වැනි තාවකාලික කුඩා නිවෙසක ගුලිවී සිටි කැලණිය ගෝනවල බතලහේනවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලකට කැලණිය‍ පොලිස් ස්ථානයේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමින් යුත් නව නිවෙසත් පසුගියදා පරිත්‍යාග කෙරිණි.

මේ නිවාසලාභියා වූයේ බතලහේනවත්ත ප්‍රදේශයේ එම්. ඩී. පියදාස මහතාය. හෙතෙම දරුවන් 5 දෙනෙකුගේ පියෙකි. එක් පුත්‍රයෙකු මේ වන විට මියගොසිනි. එම පුත්‍රයාගේ එකම දරුවා රැකබලා ගනිමින් අධ්‍යාපන කටයුතු ද කරනුයේ පියදාස මහතාය.

බතලහේනවත්ත සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ මාර්ගයෙන් පියදාස මහතා තමාගේ නිවාස ප්‍රශ්නය යොමුකළේ කැලණිය පොලිස් ස්ථානයටය.

මේ පිළිබඳ විමසා බැලූ පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොල හා ප්‍රජා පොලිස් ඒකක ස්ථානාධිපති ඒ. ඒ. ජේ. පීරිස් සහ රථවාහන අංශ ස්ථානාධිපනති දර්ශන ප්‍රියන්ත යන මහතුන් ඇතුළු නිලධාරි කණ්ඩායමක් පියදාස මහතාට නිවෙසක් තනාදීමට ඉදිරිපත් විය.

මේ සඳහා බස්නාහිර උතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ, කැලණිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහත්වරු විශේෂ ආරාධිතයින් වශයෙන් සහභාගි වූහ.

බියගම දකුණ 306 බී 2 සිංහ සමාජයේ නිලධාරීන් ඇතුළු එහි සභාපති සිංහ මේජර් ජයනෙත්ති, හිටපු දිස්ත්‍රික් සභාපති ගවනර් නිමල් සේනාධීර මහත්වරු සහ ප්‍රදේශවාසී ජනතාව ද මේ සඳහා එක්ව සිටියහ.

බතලහේනවත්ත ශ්‍රී බෝධිරාජ විහාරාධිපති නිල්දණ්ඩාහින්නේ අරියසිරි හිමියන් විසින් මෙහි ආගමික වතාවත් ඉටුකරන ලදී.



« PREV
NEXT »

Facebook Comments APPID