BREAKING NEWS
latest

728x90

468x60

රෝග නසන රුව වඩවන චීන කටු චිකිත්සාව

ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය.


ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි. පූ. දෙවැනි සියවසේ ලියෑවුණු මෙම කෘතියේ දී සු වෙන් හා ලින්ෂි යනුවෙන් කොටස්‌ 2 ක්‌ පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්‌ත පිළිස්‌සුම් කොටසක්‌ විස්‌තර වෙන අතර සු වෙන් කොටස අධ්‍යාත්මික ශාස්‌ත්‍රීය ලියවිල්ලක්‌ ලෙස පවතී. මෙම කෘතියෙහි නිලස්‌ථාන 565 ක්‌, කටු චිකිත්සාව සිදු කරන ආකාරය, සුව කරන රෝග හා එක්‌ එක්‌ රෝගියාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වු කටු වර්ග 9 ක්‌ පිළිබඳවත් සඳහන් වේ.

කෙසේ වෙතත් කටු චිකිත්සාව මෙරට පැවැති නිල වෛද්‍ය ක්‍රමය යෑයි මතයක්‌ පවතී. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණය නිසා දේශීය වෛද්‍යවරුන් මරා දැමීම තුළ මෙම වෛද්‍ය ක්‍රම චීනයට ගෙනගොස්‌ චීන කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ බව දැක්‌වේ. කෙසේ වූවද චීන කටු ක්‍රමය යටතේ රෝග රැසකට ප්‍රතිකාර ලබාගත හැකිය.

සමේ රෝග සහ රූපලාවන්‍ය හා බර අඩුවීම

මුහුණ රැළි වැටීම, මුහුණේ මාංශ පේශී එල්ලා වැටීම, බොහෝ විට සිදුවන්නේ ක්‍රමයෙන් වියපත් වීමත් සමඟය. මෙහිදී කොලැජන් තන්තු ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන හේතුවයි. කුරුලෑ හා කැළැල් ඇතිවීමට හේතුව යොවුන් වියේදී ඇතිවන ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයන් නිසයි. මෙම තත්ත්වයන් නැතිකර ගැනීම සඳහා "කටු චිකිත්සාවේ" ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාර ක්‍රම ඇත. මෙහිදී මුහුණේ ඇති ග්‍රන්ථි නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා නියමිත නිල ප්‍රතිකාරත්, ලේසර් ප්‍රතිකාරත් යොදා ගනී.

හිසකෙස්‌ ගැලවී යැම සහ වැඩීම

1960 ඔරෙන්ට්‍රෙයිව් විසින් පුරුෂයන්ගේ හිසකෙස්‌ යැම ඇන්ෙඩ්‍රාජෙනටික්‌ ඇලොපේෂියා නමින් හඳුන්වනු ලැබීය. මෙය සිදුවන්නේ සමේ ටෙස්‌ටොස්‌ටොරොන් (Testotorone) හෝමෝනයේ ඩිහයිෙඩ්‍රාa ටෙස්‌ටොස්‌ටෙරෝන් (Dihydro Tesosterone) මට්‌ටම වැඩිවීම නිසාය. මානසික ආතතිය නිසාත්, වෙනත් රසායනික හේතු නිසාත් මෙම තත්ත්වය උග්‍රවේ. චීන කටු චිකිත්සාව මගින් මෙය සාර්ථකව මැඬ පැවැත්විය හැකිය.

ඇදුම සහ පීනස

පෙනහලුවල වායු මාර්ගයේ ගැස්‌මක්‌, ආසාත්මිකතාවක්‌, විෂබීජ නිසාත්, මානසික තත්ත්වයන් නිසාත් මෙය ඇතිවේ. නාසයේ ශ්ලේශ්මල පටල ඉදිමීම, උගුර සම්බන්ධ පොදු ආසාත්මිකතාවන් නිසාත් පීනස ඇතිවේ. මෙහි ලක්‍ෂණ වන්නේ වන්නේ කිවිසුම් යැම, කඳුළු ගැලීම යන ආදියයි. මෙම රෝග තත්ත්වයන් චීන කටු චිකිත්සාව ආයුර්වේද ප්‍රතිකාර මගින් සාර්ථකව සුව කළ හැකිය.

මීට අමතරව වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි මහතාගෙන් ස්‌නායු රෝග, නින්ද නොයැම ඇතුළු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැකි ය.

වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 0714222954 / 0777354220
« PREV
NEXT »

Facebook Comments APPID