BREAKING NEWS
latest

728x90

468x60

දක්‌ෂිණ අධිවේගයේ මාරක අනතුරින් ඔස්‌ටේ්‍රලියානු ජාතික මව සහ දියණිය මරුට


දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේදී ඊයේ (20 වැනිදා) අලුයම ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌, කාර්මික දොaෂයකට ලක්‌ව මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින් ඔස්‌aටේ්‍රලියානු ජාතික කාන්තාවක හා ඇගේ සිවු හැවිරිදි දියණිය මරුමුවට පත්වී ඇත. 


මෙම අනතුරින් තුවාල ලැබූ තවත් ඔස්‌ටේ්‍රලියානු ජාතිකයන් සිවු දෙනකු සහ කන්ටේනර් රථයේ රියෑදුරු කළුතර නාගොඩ සහ ඇල්පිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ. 

අනතුරින් මියගොස්‌ ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු ජාතික කොලින් ලුවිස්‌ මොනිකා (37) සහ ඇයගේ සිවු හැවිරිදි කොලීන් පොපී ගේ්‍රබ්‍රියල් (4) නමැති දියණියයි. 

කොට්‌ටාව දෙස සිට ගාල්ල දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. මියගිය දෙදෙනාගේ මෘත ශරීර ඇල්පිටිය හා කළුතර නාගොඩ රෝහල්වල තැන්පත් කර තිබේ. 

වෑන් රථයේ රියෑදුරු වන තංගල්ල පදිංචි මහින්ද ගලප්පත්ති (42), කන්ටේනර් රථ රියෑදුරු වන රත්නපුර, නිවිතිගල පදිංචි තරංග ගයාන් (26), කොලින් පැටි්‍රක්‌ µ්‍රeන්සිස්‌ (39), කොලින් පැටි්‍රක්‌ ලින්ස්‌ (2) යන ඇල්පිටිය හා කළුතර නාගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබති.

« PREV
NEXT »

Facebook Comments APPID