BREAKING NEWS
latest

728x90

468x60

අනියම් බිරිඳගේ දිගු වරලස කැපූ කොස්‌තාපල් රිමාන්ඩ්

කල්පිටිය පොලිසියට අනුයුක්‌තව සේවය කරන පොලිස්‌ කොස්‌තාපල්වරයකු සිය අනියම් බිරිඳට පහරදී ඇයගේ දිගු වරලස කපා දැමීමේ චෝදනාව මත හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු හා මහෙස්‌ත්‍ර්‍රdත් රත පී. අබේසිංහ මහතා, ඔහු මෙම මස 24 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අනියම් බිරිඳ හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි. විසිඅට වියේ (28) පසුවන ඇය දෙදරු මවකි. නීත්‍යනුකූල සැමියා ඇය අතහැර ගොස්‌ ඇත්තේ මීට වසර කීපයකට පෙරය. පසුව සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා සමඟ මීට වසර දෙකකට පමණ පෙර අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.

මීට දින කීපයකට පමණ පෙර සැකකාර අනියම් සැමියා තම නිවසට පැමිණ ඇය හා බහින්බස්‌වී පහරදුන් බවත්, පසුව ඉකුත් 16 වැනි දින ඔහු නැවතත් නිවසට පැමිණ බැණවැදී පහරදී තම දිගු වරලස කපා දැමූ බවත් සඳහන් කරමින් අදාළ කාන්තාව හලාවත පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කොට තිබේ. 

පසුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී සැකකාර කොස්‌තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 

අදාළ සිද්ධිය සම්බන්ධව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID