BREAKING NEWS
latest

728x90

468x60

ගේට්‌ටුවේ හිටිය අය පැනලා ගිහින් - උදව් කරන්න ගිය අයියා ජීවිතයෙන් වන්දි ගෙව්වා


අලුත් අවුරුද්ද නිමා වී දින කිහිපයක්‌ ගත වී ඇත්තේය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූලව සමරා තම නෑ හිතවතුaන්ගේ නිවෙස්‌ වෙත යන්නේ තෑගි බෝගත් අරගෙනය. ඇතැමුන් තම ඥාතීන් හිතවතුන්ට කෑම වේළක්‌ දෙන්නට අවැසි කළමනා ගෙන ඒමට නගරයට යන්නේය. අවුරුද්දකට වරක්‌ හෝ පැමිණෙන තම හිතවතුන්ට උපරිම ලෙස සැලකීමට බොහෝ දෙනෙක්‌ උනන්දුවක්‌ දක්‌වන්නේය. 

ලාල් පුෂ්පකුමාර තම බිරිඳත් සමඟ නගරයට යන්නේ ගෙදරට අවශ්‍ය කළමනා රැගෙන ඒමටය මේ ගමන තම ජීවිතයේ අවසන් ගමන වනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. නගරයට ගොස්‌ ආපසු පැමිණෙමින් සිටි පුෂ්පකුමාරට හොරණ බැල්ලපිටිය අක්‌කර 35 පිහිටි කර්මාන්ත ශාලාවේ අමුත්තක්‌ සිදුවෙමින් තිබෙන බව දුර තියා පෙනුණි. ඒ ආසන්නයට ළඟා වෙනවාත් සමඟම කාන්තාවන් කිහිප දෙනෙක්‌ උදව් ඉල්ලා කෑ ගස්‌සනට වූහ. තම සේවකයන් දෙදෙනෙක්‌ වළකට වැටී තිබුණ. එම කාන්තාවන්ගේ ඉල්ලීමකට අනුව දෙපාරක්‌ නොසිතූ පුෂ්පකුමාර තම බිරිඳට ඉන්න යෑයි කියා වළට වැටී සිටි පිරිස්‌ බේරා ගන්නට දිව්වේ නිමේෂයකිනි. පුෂ්පකුමාර දුටු දසුනින් කම්පාවට පත් විය. අසල්වැසි සමාගමේ සේවකයන් දෙදෙනා බේරා ගන්නට ඔහු වළ තුළට යැමට උත්සාහ කළා පමණි. ඔහුත් වළ තුළට වැටුණේ කාටත් කරකියාගත නොහැකි අන්දමටය. පුෂ්පකුමාරත් සමඟ ප්‍රියන්ත කුමාරත් දිලීප කසුන් ලොකුපතිරගේ යන දෙදෙනාත් ඒ මොහොතේම සමාගම තුළට පැමිණියහ. සමාගමේ සේවකයන්ට වඩා අසල්වැසි පුෂ්පකුමාර බේරා ගන්නට ඔවුහු උත්සාහ කළහ. වළ තුළ වූ ඉනිමඟට බසිනවාත් සමඟම ඒ දෙදෙනාත් නොසිතූ ලෙසටම වළ තුළට වැටුණි. ජීවිත දෙකක්‌ බේරා ගන්නට උත්සාහ කළ තරුණයන් තිදෙනාද ඇමෝනියම් පිරි ජලයේ සැඟවී යන්නට වූහ. ජීවත බේරා ගන්නට ගත් සැලසුම් සියල්ලම පරාජය කරමින් මාරයා ජය ගත්තේය.


වළක්‌ ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය සේවකයන් දෙදෙනෙක්‌ සමඟ තවත් තිදෙනෙක්‌ මියගිය පුවත අසන්නට ලැබුණේ හොරණ බැල්ලපිටිය අක්‌කර 35 පිහිටි රබර් කර්මාන්ත ශාලාවකිනි. දරුවන්ට තාත්තා ද ය බිරිඳට සැමියා ද, දෙමාපියන්ට තම පුතුන් ද අහිමි කළ මේ ෙ€දවාදකයට වගකිව යුත්තේ සමාගම බව ප්‍රදේශවාසීහු පවසති. මීට පෙර මෙම සමාගමට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක්‌ එල්ල වී තිබුණි. පසුව වෙනත් නමකින් යළි ආරම්භ කළ මෙම සමාගමේ සේවකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතැයි ද ප්‍රදේශවාසීහු කියා සිටිති. නමුත් අවසානයේ ජීවිත පහක්‌ බිල්ලට ගත් සමාගමේ කළමනාකරු මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන්නේය. සමාගමට ද මුද්‍රd තබා තිබේ. දැන් සියල්ල සිදුවූ හමාරය. මීට පෙර ප්‍රදේශවාසීන් විසින් අදාළ සමාගමට විරුද්ධත්වය ප්‍රකාශ කළේ හේතූන් ඇතිවය. ඒවාට අදාළ බලධාරීන් ඇහුම්කන් දුන්නා නම් මෙවැනි විපත් නොවිය යුතුව තිබුණි.

සිද්ධියෙන් මියගිය අයගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා හොරණ මූලික රෝහලේ පහසුකම් නොමැති වීම හේතුවෙන් පානදුර රෝහල වෙත රැගෙන ගියේ ඥාතීන් තවත් අසරණ කරමිනි. 19 වැනිදා දහවල් සිදුවූ මෙම මරණවල පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු අවසන් කර මෘත දේහයන් ඥාතීන්ට භාරදෙනු ලැබුවේ ඊයේ රාත්‍රී කාලයේ දීය. ඇතැමුන් පැය ගණනක්‌ රෝහල තුළ රැඳී සිටිනු දක්‌නට ලැබුණි. ඔවුන්ගේ මුහුණුවල තිබූ ශෝකාකූලභාවය මේ හේතුවෙන් තවත් වැඩි වී ඇති සැටියකි.

මියගිය ලාල් පුෂ්පකුමාරගේ බාල සහෝදරයා වන සමන් ප්‍රියන්ත මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

මියගිය ගිහින් ඉන්නේ පවුලේ වැඩිමහල් අයියා. ජීවිතයක්‌ බේරා ගන්න ගිහින් තමයි මේ විපත සිදුවුණේ. අක්‌කත් එක්‌ක ටවුන් එකට ගිහින් එනකොට සේවිකාවන් පිරිසක්‌ උදව් ඉල්ලලා කෑගහලා. ඒ නිසයි අයියා ඔවුන් බේරා ගන්නට ගියේ. එයාට දරුවන් හතර දෙනෙක්‌ ඉන්නවා. දෙන්නෙක්‌ම ගැහැනු දරුවන්. එයා ගේ හදන්න ගත්ත ණය තිබෙනවා. අක්‌කා රැකියාවක්‌ කරන්නේ නැහැ. අයියා කුලී වැඩ කරලා තමයි පවුල ජීවත් කරවන්නේ. අපිටත් කියලා අයියාට උදව් කරන්න විදිහක්‌ නැහැ. 

දැන් අක්‌කාත් දරුවනුත් අසරණයි. ලොකුම ප්‍රශ්නය තිබෙන්නේ ණය බේරන්නේ කොහොමද කියන එකයි. සමාගමේ නිලධාරිනියක්‌ ඇවිත් පනස්‌දාහ ගානේ දෙන්න හැදුවා. අපි ඒක ප්‍රතික්‍ෂේප කළා. අපේ අයියාගේ ජීවිතය වටින්නේ පනස්‌දාහද? මුළු පවුලම අනාථයි. අන්ත අසරණයි. මේ අයගේ පවුල්වලට සාධාරණයක්‌ ඉටු කළ යුතුයි. රජය මෙවැනි සමාගම් ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ මල්ලී වන රජිත් කුමාර මහතා -

මේ දේ ගැන අපිට හිතාගන්නවත් බැහැ. ආයතනයේ අය කතා කළ නිසයි අයියා ගියේ. වෙනදාට ගේට්‌ටු වහලා කාටවත් ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. එදා ආරක්‍ෂාවට හිටි අයත් පැනලා ගිහින්. අන්තිමට උදව් කරන්න ගිය අයියා ජීවිතයෙන් වන්දි ගෙව්වා. එයාට ළමයි තුන්දෙනෙක්‌ ඉන්නවා. එක ළමයෙක්‌ පෙර පාසල් යන්නේ. දැන් ඒ අය අහනවා තාත්තා කෝ කියලා. සමාගමේ අනාරක්‍ෂිත බව නිසා නිකරුණේ අහිංසක ජීවිත විනාශ වුණා. පිටින් තවත් කට්‌ටිය ආවා නම් ඒ අයගේ ජීවිතත් විනාශ වෙන්න තිබුණා. වෙනදා අසල පිට්‌ටනියේ ළමයි සෙල්ලම් කරනවා. වාසනාවකට වගේ එදා කවුරුත් හිටියේ නැහැ. හිටියා නම් වෙන්න ගිය විනාශය තවත් වැඩි වෙන්න තිබුණා. මේවා ගැන රජයත් අවධානය යොමු කළ යුතුයි. නැති වූ ජීවිතවලට අදාළ බලධාරීන් සාධාරණයක්‌ කරන්න.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා -

සිද්ධිය වූ සමාගම කරන්නේ ව්‍යාපාරයක්‌. නමුත් ඒ ව්‍යාපාර යම්කිසි ක්‍රමවේදයකට කළ යුතුයි. සේවකයන් දන්නවා එතැන මොනවද වෙන්නේ කියලා. පිටස්‌තරයන් දන්නේ නැහැනේ එහි වෙන්නේ මොනවද කියලා. සේවකයන් ඒ අනාරක්‍ෂිත බව දැනුවත් කළා නම් මෙවැනි ජීවිත ගණනක්‌ සිදුවෙන්නේ නැහැ. එහෙම වුණා නම් ජීවිත තුනක්‌ බේරා ගන්න තිබුණා. මේ ජීවිතවල වගකීම සමාගම භාරගත යතුය. ඔවුන්ගේ ජීවිතවලට සාධාරණයක්‌ ඉටු කිරීමට රජය ද මැදිහත් විය යුතුයි.

හොරණ වැඩ බලන අතිරේක මහෙස්‌ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මියගේ නියෝග මත පානදුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විය. මෘතදේහවල ශරීර කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කර තිබිණි.



ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න සහ 

සමන් සිල්වා
« PREV
NEXT »

Facebook Comments APPID