BREAKING NEWS
latest

728x90

468x60

Bitcoin - Litecoinවැනි ඩිජිටල් විද්යුත් මුදල් භාවිතය අවදානම්; මහ බැංකුව අනතුරු අඟවයි

ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන "අතථ්‍ය මුදල්" භාවිතය පිළිබඳව තිබෙන උනන්දුව ශ්‍රී ලංකාව තුළද වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම "අතථ්‍ය මුදල්" භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක්‌ ඇති කරනු ලබන බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

මේ "අතථ්‍ය මුදල්" යනු ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන වටිනාකම් සහිත ඒකකයන් බවත් ඒවාට ආවේණික ගිණුම් ඒකකද ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේවා මහ බැංකුව විසින් නිකුත් කරන ඒවා නොවන බවද පවසන ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ කරුණු පැහැදිලි කිරීමක මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (virtual currencies) පිළිබඳව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුවී ඇත.

"අතථ්‍ය මුදල්" යන යෙදුම පොදුවේ භාවිත වන්නේ, ඩිජිටල් තාක්‍ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්‌කොයින් (Bitcoin)ල ලයිට්‌කොයින් (Litecoin) සහ එතීරියම් (EthEreum) වැනි අප්‍රකාශිත විද්යුත් මුදල් (Cryptocurrencies) ය.

අප්‍රකාශිත විද්යුත් මුදල් වැනි අතථ්‍ය මුදල්, ගනුදෙනු බලාත්මක කිරීම සඳහා පුද්ගලයන් සෘජුව සම්බන්ධවී විමධ්‍යගත ලෙස සේවා සැපයිය හැකි වන අයුරින් ඩිජිටල් ජාල භාවිත කරයි. එම මුදල්වල වටිනාකම පිළිබඳව සහතික කිරීමට සහ එම ගනුදෙනු නියාමනය කිරීමට මහ බැංකුව වැනි කේන්ද්‍රස්‌ථ අධිකාරියක්‌ නොමැති වීම හේතුවෙන් ඒවා භාවිත කරන්නන් අතර හෝ ගනුදෙනු ආශ්‍රිත ගැටලු ඇතිවීමේදී ඒ සඳහා මැදිහත්වන වගකිවයුතු පාර්ශ්වයක්‌ නොමැත. අතථ්‍ය මුදල්වල වටිනාකම තීරණය වනුයේ සමපේක්‍ෂණ මත වන අතර එයට පාදක වූ වත්කම් හෝ ඒ සඳහා බලපවත්වන නියාමන රාමුවක්‌ නොමැත. මේනිසා ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය විය හැක. ඒ හා සමානවම, නීති විරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිත කිරීමේ සම්භාවිතාවය ද ඉහළ යා හැකිය. තවද, අතථ්‍ය මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමට හා ත්‍රස්‌තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට ද අවකාශ ඇත. එම නිසා වර්තමානයේදී අප්‍රකාශිත විද්යුත් මුදල් භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙන්ම රටෙහි ආර්ථිකයට ද මූල්‍යමය, මෙහෙයුම්, නීතිමය, පාරිභෝගික සුරක්‍ෂිත භාවය සහ ආරක්‍ෂාව යන අංශවලින් සැලකිය යුතු අවදානමක්‌ ඇති කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්යුත් මුදල් ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ග ගැනීමට බලපත්‍ර ලබාදී හෝ බලය පැවරීමක්‌ කර නොමැති බව සහ කිසිදු ආයතනයකට මූලික කාසි අර්පණයන් සඳහා බලය පැවරීමක්‌ කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.
« PREV
NEXT »

Facebook Comments APPID