රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක් නමින් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්‌ථානයක් පරීක්‌ෂා කළ මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් තායිලන්ත සුරූපිනියන් දෙදෙනකු සහ ලාංකික තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම මධ්‍යස්‌ථානයේ ගනුදෙනුකරුවෝ මහනුවර සහ පිට පළාත්හි ධනවතුන් බව විමර්ශනවලදී පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
කලක් තිස්‌සේ රූපලාවන්‍ය හා සම්බාහන මධ්‍යස්‌ථානයක් ලෙස පවත්වාගෙන යන ලද නිවස ලද තොරතුරක් මත වැටලීමේදී මෙම කතුන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරන බව පැවසීය.
පොලිස් අධිකාරි එස්. බී. දියකෙළිනාවල මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති කේ. ඒ. ටී. එස්. ජයසිංහ මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිරිල් විමලසුරේන්ද්‍ර