Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

Advertisements

Loading...

Mini Gossip

VIDEO PORTAL

FACEBOOK

ජන්ම පත්‍රයට අනුව යම් පුද්ගලයකුගේ විවාහය සිදුවන දවස හරියටම දැනගත හැකි වන අතර, තමාගේ පළමු විවාහය අසාර්ථක වීම හා දෙවැනි විවාහයක්‌ සිදුවන්නේද? නැද්ද යන්නත්, දෙවැනි විවාහය සිදුවන්නේ කවදාද? තම සහකරු හෝ සහකාරිය කවුරුන්ද? ඔහු හෝ ඇයගේ ගති ලක්‍ෂණ මොනවාද? තමාට සහකරු ලැබෙන්නේ කෙසේද? යන්නත් ජන්ම පත්‍රයට අනුව ප්‍රකාශ කළ හැකි අතර ඔබගේ දෙවැනි විවාහය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්නත් දැනගත හැකි වේ. ප්‍රථමයෙන් මතක්‌ කළ යුත්තේ, යම් කෙනෙක්‌ දෙවැනි විවාහයක්‌ සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදීය. පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්‌වාමියා හෝ භාර්යාව මිය යැම නිසා හෝ දෙදෙනා නීතියෙන් දික්‌කසාද වී වෙන්වීම නිසා විය හැකිය. දික්‌කසාද වීම අද ලංකාවේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී ඇත. දිසා අධිකරණයක, දිනකට විභාග කරන දික්‌කසාද නඩු දෙස බැලුවහොත් ඒ බව මනාව පිළිබිඹු වේ.


දික්‌කසාදය සඳහා හේතු වන කරුණු කාරණා ලෙස එකිනෙකාගේ අදහස්‌ නොගැලපීම, අනියම් සබඳතා පැවැත්වීම, තම සහකරු සුරාවට හා සූදුවට ඇබ්බැහි වීම, ලිංගික ගැටලු හෝ වෙනයම් හේතුවක්‌ විය හැකිය. මෙය ජන්ම පත්‍ර පරීක්‍ෂාව තුළින්ද පැවසියහැකිය. පළමු විවාහය අසාර්ථය වී, දෙවැනි විවාහය පමණක්‌ නොව කීපවරක්‌ විවාහ වන අවස්‌ථා ද දැකිය හැක. විවාහ වීමට පෙර දෙදෙනාගේ පොරොන්දම් සියල්ල ගැලපුණත්, ඔවුන්ගේ ජන්ම පත්‍රවල ග්‍රහ ගැලපීම පරීක්‍ෂා කිරීමේදී මේ පිළිබඳව සලකා බැලිය යුතු වේ. 

පළමු විවාහය අසාර්ථක වීම ආකාර 2 ට සිදුවිය හැකිය. එනම් දික්‌කසාද වීම හෝ තම ස්‌වාමියා හෝ භාර්යාව මිය යැම වේ. ජ්‍යෙdතිෂයේදී මෙය වැන්දඹු යෝග ලෙස හඳුන්වනු ලබන අතර එයට බලපානු ලබන්නේ ස්‌වාමි, භාර්යා නාශක යෝග වේ. නමුත් ස්‌වාමි, භාර්යා නාශක යෝග යෙදුණු පමණින් විවාහය මරණයකින් කෙළවර නොවූ අවස්‌ථාවන් කොතෙකුත් දක්‌නට ලැබෙන අතර, එයට හේතු වන්නේ විවාහ වූ සහකරුගේ හෝ සහකාරියගේ ආයුෂ බලවත් වීමයි. නමුත් එම අවස්‌ථාවන්වලදී මරණය සිදු නොවී, දික්‌කසාදයකින් විවාහය බිඳ වැටෙනු දැකිය හැකිය. මෙවැනි යෝගයක්‌ දළ කේන්ද්‍රයක්‌ දුටු පමණින් ජ්‍යෙdතිෂවේදියා අනාවැකි ප්‍රකාශ නොකළ දුටු පමණින් ජ්‍යෙdතිෂවේදියා අනාවැකි ප්‍රකාශ නොකළ යුතු අතර, එය නිවැරැදිව යෙදී ඇත්දැයි අනෙකුත් වර්ග පරීක්‍ෂා කර, භාව පරීක්‍ෂා කර පැවසිය යුතු වේ. භෞම දොaෂය හෙවත් කුජ දොaෂය දුටු පමණින් හෝ 7 වැන්නේ පාපීන් සිටීම, 7 වැන්නාධිපති දුර්වලව, පාප පීඩිතව සිටි පමණින් විවාහය අසාර්ථක නොවූ පුද්ගලයන් ද දැකිය හැකිය. නමුත් එයට හේතුව සූක්‍ෂමව ජන්ම පත්‍රය පරීක්‍ෂාව තුළ එනම් ග්‍රහයන් පිහිටි භාව හා වර්ගවල එම දොaෂයන් යෙදී තිබීම දක්‌නට නොලැබීමයි. නමුත් ඉහත සඳහන් කළ වැන්දඹු හා දික්‌කසාද යෝග පිහිටා ඇත්නම් එය සූක්‍ෂම පරීක්‍ෂාවකින් පසු ඒ ආකාරයටම යෙදේ නම්, කර්මානුරූපී බලපෑම ප්‍රබල වී එය එසේම සිදුවේ. එය සිදුවන කාලසීමාව මහදශාවන්, අන්තර් දශාවන්, ගුරුගේ රාහුගේ, ශනිගේ ගෝචරයන් පදනම් කරගෙන සිදු වේ. මෙය ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස්‌ වන අතර ඉහත සඳහන් කළ න්‍යාය සෑමවිටදීම පලාපල කථනය සඳහා උපයෝගී කරගත යුතුවේ. වැන්දඹු යෝග හා දික්‌සාද යෝග විශාල සංඛ්‍යාවක්‌ තිබෙන අතර, ඒවා තිබෙන්නේ 7, 8, 11, 2, 3 යන අධිපතීන් සම්බන්ධකරගෙන වේ.

උදාහරණයක්‌ ලෙස 7, 8 අධිපතීන් සම්බන්ධ වීම, ස්‌වාමියාට අපල ගෙන දෙන යෝගයක්‌ වන අතර, රාශියක 7, 8 අධිපතීන් දුටු පමණින් එය එකවර පැවසිය නොහැකි වේ. එයට හේතුව එම ග්‍රහයන් දෙදෙනාගේ බල දුබලතාවය, එම ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ටිය ග්‍රහයාට අනුqරූපීව, ග්‍රහයන් අතර සංයෝගය සිදුවීමට තිබිය යුතු අවම දුර (අංශක ගණන) ඉතා සූක්‍ෂ්මව පරීක්‍ෂා කර පලාපල කථනය සිදු කළ යුතු වේ.

උදා- කුජ, සිකුරු, සම්බන්ධ වීම තුළ අති ධාවනකාරී කාම යෝගයක්‌ ක්‍රියාත්මක වීම පවසන නමුත් ගුරුගේ, රවිගේ දෘෂ්ටිය, ශනිගේ දෘෂ්ටිය තුළ උදාසීන වීම, සංයෝගය සිදුවූ රාශිය, අංශක ගණන තුළ එම යෝගය ක්‍රියාත්මක නොවූ අවස්‌ථා කොතෙකුත් දක්‌නට ලැබේ. සූක්‍ෂම පරීක්‍ෂාව තුළ භාවානුරූපීව ඉහත යෝගයන් නිවැරැදිව නිර්ණය කරගත හැකිවේ. මෙය එක්‌ උදාහරණයක්‌ පමණි.

දෙවැනි විවාහයේ ඵලදායිතාවය සලකා බැලීමේදී 2, 3, 10 අධිපතීන් පිළිබඳව හා එම ස්‌ථානවල පිහිටි ග්‍රහ පිහිටීම් පිළිබඳව විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වේ. ප්‍රථම විවාහයේ දරුවන් නොමැතිව, දෙවැනි විවාහයේ දරුවන් ලැබීම ආදී කාරණා ජන්ම පත්‍ර පරික්‍ෂාව අනුව නිවැරැදිව නිර්ණය කළ හැකිය. දික්‌කසාද යෝග හා වැන්දඹු යෝග ජන්ම පත්‍රයෙන්, ජන්ම පත්‍රයට වෙනස්‌ ආකාරයට යෙදෙන අතර, එවැනි යෝගයන් ඇත්නම් සහ දෙවැනි විවාහයක්‌ සඳහා ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීමක්‌ පවතීනම් , එම යෝග බලවත්නම් පළමු විවාහය අසාර්ථක වී දෙවැනි විවාහය සාර්ථක වී දියුණුවට පත්වීම සිදුවේ. නමුත් පළමු විවාහය අසාර්ථක වී පුද්ගලයාගේ ජීවිතය ග්‍රහයන්ගේ ග්‍රහයෝගවල බලපෑමට අනුව ලෝකෝත්තර දිශානතියක්‌ පෙන්නුම් කරන්නේ නම් දෙවැනි විවාහයක්‌ සඳහා ජන්ම පත්‍ර හිමියාට කටයුතු සිදු නොවේ. විවාහ කීපයක්‌ පිහිටන යෝග බහු විවාහ යෝග ලෙස හඳුන්වන අතර සල්ලාල යෝග හා වෛශ්‍යා, යෝග යෙදේ නම් විවාහ කීපයක්‌ම සිදු විය හැකියි. මෙවැනි යෝග තිබේ නම් ධර්මානුකූලව ජීවත්වීම තුළින් හා වත්පිළිවෙත් සිදු කිරීම මගින් එහි බලපෑම මැඬ පැවැත්විය හැකි අතර, ඒ සඳහා ගත කරන මහදශාව, අන්තර්Êදශාව, හා ග්‍රහ ගෝචරය සෘජුවම බලපෑම් ඇති කරයි. නමුත් ප්‍රබල ආකාරයට මෙහි බලපෑම ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරයි නම් මතුභවයන්හි යහපත් විවාහයක්‌ හා යුග දිවියේ සතුටක්‌ ඇති වීම පිණිස ප්‍රාර්ථනා සහිතව, මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්‌තව, දාන ධර්ම පිළිවෙත් වලින් හා සිල්වත් කමින් ලෞකික ජීවිතය ගෙන යා යුතු වේ.

වැඩි විස්‌තර - 0718602525/ 0115248187 

විද්‍යාවේදී ජ්‍යෙතිෂවේදී ගෝඨාභය මුදලිගේ

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY