BREAKING NEWS
latest

728x90

468x60

අදින් අැරඹූ සතිය ඔබට කොහොමද?


මේෂ ලග්නය
ණය පහසුකමක්‌ ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ.ආයෝජන කටයුතු වලින් ලාභ ලැබේ.ගෘහ ජීවිත ගතකරන අයට සිත් තැවුල් ඇති වීමට කරුණු යෙදිය හැකිය. විවාහ මංගල යෝජනා කටයුතු වලට සුබ වේ.හවුල් ව්‍යාපාර සාර්ථක වේ.සුරතල් සතුන් ගැන දැඩි අවධානයක්‌ යොමු වේ.රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව සේවක ගැටලු ඇතිවුවත් වෙනදාට වඩා සේවක පක්‌ෂයෙන් සහයෝගය ලැබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න. 
ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශු දිනය :- අඟහරුවාදා, සිකුරාදා


වෘෂභ ලග්නය
තම දරුවන් ගැන සුබ ආරංචි දැන ගන්නට ලැබේ.පවුලේ කටයුතු සාර්ථක වේ.විනෝදයට බර වේ.කෘෂිකාර්මික කටයුතුවලට මෙතෙක්‌ තිබූ බාධා ඉවත් වේ.යාන වාහන ගෙවල් දොරවල් මිලදී ගැනීමට හෝ විකිණීමට සුබ කාලයකි.ආයෝජනවලින් ලාභ ලැබේ. අලුත් ව්‍යාපාරවලට මුදල් යෙදවීමට සුබ කාලයකි.අවිවාහක තරුණ තරුණියන්ගේ විවාහ මංගල යෝජනාවලට සුබ කාලයකි. සතුරු කරදර ඇති වේ.සේවක ගැටලු ඇති වේ. දියවැඩියාව වැනි රෝග ඇති අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.                                       
 ජය අංක :- 2,7 ජය වර්ණ :- රතු, නිල් = දිනය :- සෙනසුරාදා, සිකුරාදා


මිථුන ලග්නය
පවුලේ දියුණුවට සැලසුම් සකස්‌ කෙරේ.කෘෂිකාර්මික කටයුතු ස්‌වයං රැකියා හා සුළු පරිමාණ කර්මාන්ත කරන අයට විශේෂ සුබපල ඇති වේ.චිත්ත පීඩා, පදිංචිය පිළිබඳ ගැටලු හා නීතිමය අවහිරතාද ඇතිවීමට හැකිය.දේපළ පිළිබඳ ආරවුල් ඇතිවීමට හැකිය.සතුරු කරදරවලින් ජය ලැබේ.හදිසි ධන ලාභ ලැබේ.අවිවාහක අයට මංගල යෝග උදාවන කාලයකි.නිර්මාණාත්මක කලා කුසලතා වර්ධනය වේ. අසල්වැසියන් සමඟ සුහදතාව ඇති වේ.ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ.වටිනා ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබේ.
ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :- බදාදා, සිකුරාදා

කටක ලග්නය
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.උත්සාහය ධෛර්යය වැඩි වේ. බාල සහෝදරයන් හා අසල්වාසීන් අතර තිබූ අමනාපකම් දුරු වී සම්බන්ධතා ශක්‌තිමත් වේ.ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබ කාලයකි.පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.අලුත් අදහස්‌ පහළ වේ.රැකියා ස්‌ථානයේ උසස්‌ නිලධාරින් ගෙන් උදව් උපකාර ලැබේ. නීතිමය අංශයෙන් කටයුතු කිරීම සුබයි. සමාජයෙන් ගෞරව ලැබේ.දෙමාපියන්ට සුබයි. යුගදිවිය සතුටින් පවත්වාගෙන යැමට හැකියාව ලැබේ.සෞඛ්‍යය යහපත් වේ.                 ජය අංක :- 1, 3, 6 ජය වර්ණ :- සුදු, රතු ශු දිනය :- සඳුදාඉරිදා

සිංහ ලග්නය
තැන්පත් ධනය වර්ධනය වේ.පවුලේ දියුණුව සඳහා උත්සාහවන්තව කටයුතු කරයි. යුගදිවියේ ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.අධ්‍යාපන කටයුතු හෝ රැකියා සඳහා විදේශ ගමන් යෙදේ.ව්‍යාපාරික ප්‍රජාවට තම වචන අලෙවි කිරීමෙන් ලාභ ලැබීමට හැකියාව ලැබේ.කෘෂිකාර්මික කටයුතුවලට බාධා පැමිණේ.හදිසියට තීරණ නොගෙන ආවේගශීලීව කටයුතු නොකරන්න.ඇස්‌වල රෝග.සෞඛ්‍යය යහපත් වේ.යහළුවන්ගෙන් ලාභ ප්‍රයෝජන                                        
 ජය අංක :- 2,7 ජය වර්ණ:- රතු, කහ ශු දිනය:- ඉරිදා, බදාදා

කන්යා ලග්නය
දුරදිග බලා කටයුතු කරයි.ඔබේ නායකත්ව ගතිගුණ අන් අය අතර කැපී පෙනේ. ආදායම් මාර්ග ඇති වේ. හදිසි ධන ලාභ ලැබේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ.අවිවාහක අයට මංගල යෝග උදාවේ.ඔබේ රැකියා හෝ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. සතිය මැද වන විට විද්‍යාරම්භ කටයුතුවලට සුබ වේ.අභිවෘද්ධිය ඇති වේ. ඉහළ තනතුරු හා සමාජයෙන් ගෞරවය ලැබේ.වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න.විදේශ ගමන්වලට සුබයි.සෞඛ්‍යය යහපත් වේ. 
ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :-  බදාදා, සිකුරාදා

තුලා ලග්නය
පාසල් මෙන්ම උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ.යහපත් ගුරුවරුන්ගේ හා මිතුරන්ගේ ඇසුර ලැබේ.තමාගේ දියුණුවට වඩා අන් අයගේ දියුණුවට කාලය ශ්‍රමය යෙදවීමට සිදු වේ.යුගදිවි ගත කරන අය එකිනෙකාට නම්‍යශීලී වන්න.මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ.රැකියා ස්‌ථානයේ උසස්‌ නිලධාරීන් ගෙන් අමනාපකම් මතභේද ඇතිවීමට ඉඩකඩ ඇත ඉවසීමෙන් කටයුතු කරන්න.නීතිමය ගැටලු ඇති වීමට හැකිය. විදෙශ ගමන්වලට බාධා ඇති වේ.සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න.
ජය අංක :- 3, 4, 8 ජය වර්ණ :- නිල්, රතු ශු දිනය :- බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය
මතක ශක්‌තිය අඩුවන අතර අලසකම ජය ගතහොත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ.උසස්‌ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගමන් යෙදේ.සතිය මැද වන විට ලොතරැයි ජයග්‍රහණ හිමිවීමට පුළුවන.රැකියා කටයුතුවලට උසස්‌ අයගේ උදව් උපකාර ඉහළ තනතුරු ලැබේ. බුද්ධිමත් අය හඳුනා ගැනීමට හැකි වේ.රැකියා නැති අයට රැකියා ලාභ ලැබේ.සමාජ සේවා කටයුතුවලට යොමු වේ.මෙම සතියේ සිතේ සහනය අඩුවිය හැකිය.ශනි දශා ගතකරන අයට තරමක්‌ අපලයි.සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.      ජය අංක :- 1, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශු දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ධනු ලග්නය
උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශගතවීම් වලට සුබවේ.ගෘහ ජීවිතය සතුටින් ගතවේ. විනෝද ගමන් යෙදේ.සමාජ සේවා කටයුතුවල නියෑළීමට සිදු වේ.අලුත් මිතුරන් හඳුනාගැනීමට හැකිවේ.ආදායම් තත්ත්වය යහපත් වේ.විවාහ ප්‍රමාද වූ තරුණ තරුණියන්ට විවාහ යෝජනා ස්‌ථිර වේ.සති මැද වන විට පෙර පින් මතුවේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබේ. හවුල් ව්‍යාපාර සාර්ථක වේ.බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ.අලුත් ව්‍යාපාර ඇරැඹීමට සුබ වේ.උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ.ප්‍රසිද්ධිය ලැබේ.
ජය අංක :- 1, 6, 7 ජය වර්ණ :- රතු, කහ ශු දිනය :-  බ්රහස්පතින්දා, සඳුදා

මකර ලග්නය
දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග හා සම්මුඛ පරීක්‌ෂණවලින් ජයග්‍රහණ ලැබේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගමනකට පදනම වැටෙයි. ගුරුවරුන්ගේ,යහපත් මිතුරු ඇසුර ලැබේ. ආගම දහමට සිත යොමු වේ.ගෘහ ජීවිතයට බාධා ඇතිවේ. බිරිඳ හෝ සැමියාට සුබ නොවේ.රැකියා හා ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යැමට හැකි වේ.සෞඛ්‍යය යහපත් වේ.කෘෂිකාර්මික කටයුතු සාර්ථක වේ. යුගදිවිය සතුටින් පවත්වාගෙන යැමට හැකියාව ලැබේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේජය අංක :- 5,9 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :- සෙනසුරාදා,බදාදා

කුම්භ ලග්නය
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ.ගෘහ ජීවිතයට බාධා ඇති නොවේ.බිරිඳ හෝ සැමියාට සුභ වේ. බිරිඳ හෝ සැමියාගෙන් ධනය ලැබේ.සේවක සහයෝගය ලැබෙන බැවින් රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමට උත්සාහ ගන්න. උසස්‌ අය සමග කටයුතු කිරීමේදී දූරදර්ශී වෙන්න. නීතිමය ගැටලු වලට මැදිහත් නොවීමට වගබලා ගන්න. විදේශ හෝ වන්දනා ගමන් යෙදේ. ශරීර සෞඛ්‍යය තරමක්‌ යහපත් වේ. උෂ්ණ රෝග ඇති වේ. සමාජ සේවා කටයුතුවල නියෑළීමට සිදු වේ

ජය අංක :- 4, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :-  සෙනසුරාදා, බදාදා

මීන ලග්නය
අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ.සතුරු කරදරවලින් ජයගත හැකි වේ.සතිය මැද වන විට බිරිඳ හෝ සැමියාට සුබයි.හවුල් ව්‍යාපාර සාර්ථක වේ.ණය පහසුකමක්‌ ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. සේවක සහයෝගය ලැබේ. යහපත් මෙහෙකරුවන් ලැබේ. ආගම දහමට යොමුවේ.සති මැද වන විට විවාහ කටයුතු වලට සුබයි.වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝග ඇති අය වඩාත් සැලකිලිමත් වන්න
ජය අංක :- 3, 7, 8 ජය වර්ණ :- තැඹිලි, රතු = දිනය :-  බ්රහස්පතින්දා, සඳුදා

Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000


« PREV
NEXT »

Facebook Comments APPID