BREAKING NEWS
latest

728x90

468x60

පුරාවිද්‍යා කැණීම්වලදී සීගිරි ඉතිහාසය ගැන අලුත්ම සාධක සොයාගනී

සීගිරිය පර්වතය කේන්ද්‍ර කරගෙන එහි වටා දිවෙන දිය අගලේ ජ්‍යාමිතික ස්‌වභාවය සංචාරකයන්ට දැකබලා ගත හැකි වන අයුරින් සකස්‌ කිරීමේ ව්‍යාපෘතියේ සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී සීගිරිය ඉතිහාසය පිළිබඳව නවතම වැදගත් සාධක රැසක්‌ සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකිව තිබෙන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්‌කෘතික අරමුදල ඒකාබද්ධව කළ මෙම කැණීම් සිදු කර ඇත්aතේ දිය අගලේ උතුරු දිශාවට විහිදී යන කොටසේය.


මේ පිළිබඳව අදහස්‌ පළ කළ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා මෙසේ පැවසීය.

සීගිරිය දිය අගලේ බටහිර දිශාවට හා උතුරු දිශාවට විහිදී යන පැහැදිලිතාවක්‌ දක්‌නට තිබෙනවා. මෙම කැණීම්වල ශිල්පීය උපාය වන්නේ සීගිරිය පර්වතය කේන්ද්‍ර කරගෙන එහි වටා යන පරිදි දිය අගල ඉදිකිරීමයි.

උතුරු කොටසට අයත් දිය අගලේ කැණීම්වලදී ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක්‌ සොයාගනු ලබා
තිබෙනවා. දිය අගලෙන් සිංහ රුවක්‌ සොයා ගනු ලැබුවා. සීගිරියේ න්‍යෂ්ඨිය ලෙස සැලකෙන්නේ සිංහ පාදය සහිත රුවයි. දැනට සංචාරකයන්ට දැකබලා ගත හැකි වන්නේ සිංහ පාද කොටස පමණයි.

පුරාවිද්‍යාඥයන් පසුගිය සියවස්‌ ගණනාව තුළ සිංහ රුව පිළිබඳව විවිධ අනුමාන අදහස්‌ ඉදිරිපත් කළා. සීගිරිය දිය අගලෙන් සිංහ රුව සොයා ගැනීමත් සමඟ සිංහ පාදයට ඉහළින් තිබූ සිංහ රුව කෙබඳු ස්‌වරූපයකින් තිබුණේද යන්න පිළිබඳව හා එහි වාස්‌තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය කුමන ආකාරයකින් ගොඩනැඟී තිබුණේද යන්න පිළිබඳව පැහැදිලිව අනුමාන කරන්න පුළුවන් හැකියාව ලැබී තියෙනවා. සිංහ පාදයට ඉහළින් තිබූ සිංහ රුව කිසියම් ආකාරයක දැව මිශ්‍රණයකින් සාදා ඇති බවට හා එහි කොටස්‌ සිංහ රුව මැටි මිශ්‍රිත ටෙරා කොටා භාවිත කරමින් එම සිංහ රුව සාදා ඇති බවට හා යම්කිසි ආකාරයකින් මෙහි පැමිණ ඇති සංචාරකයන්ට සිංහ රුව සිහිවටනයක්‌ ලෙස ලබාදී ඇති බවට අනුමාන කළ හැකිය. තවත් එවැනි සිංහ රූපයන් දිය අගලේ ඇති බවට අනුමාන කරනවා.

මෙම කැණීම් මගින් තවත් පුරාවස්‌තු විශාල ප්‍රමාණයක්‌ හමුවී තිබෙනවා. කාශ්‍යප යුගයේ නිර්මාණය කර ඇති බවට විශ්වාස කෙරෙන මැටි භාජන රාශියක්‌, රෝමයේ නිෂ්පාදිත විශාල කාසි ප්‍රමාණයක්‌, විදේශික රටවල නිෂ්පාදනය කළ වළං කැබලි ප්‍රමාණයක්‌ හමුවී තිබෙනවා.

ඉතිහාසයේ සඳහන් පරිදි විශේෂයෙන් කාශ්‍යප යුගයේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධයෙන් බටහිර හා නැගෙනහිර ආසියාව සමඟ සම්බන්ධතාවක්‌ තිබුණා. කැණීම්වලදී හමුවී ඇති රෝම කාසි හා විදේශීය වළං කැබලි ආදිය අනුව කාශ්‍යප යුගයේ සීගිරිය නගරය රෝමය හා ආසියාතික රටවල් සමඟ ජාත්‍යන්තර වෙළෙ¹ම ශක්‌තිමත් පදනමකින් සකස්‌ කර තිබූ බවට පැහැදිලි වෙනවා.

මෙම කැණීම්වලින් හමුවී ඇති වීදුරු පබළු, ටෙරා කොටා පබළු වර්ග, මැටි භාජන පිළිබඳව වැඩිදුර පර්යේෂණ ආරම්භ කර ඇති බවත්, දැනට කෙරෙමින් පවතින කැණීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

දඹුල්ල - සරත් එරමිණිගම්මන



« PREV
NEXT »

Facebook Comments APPID