BREAKING NEWS
latest

728x90

468x60

බිරිද සමග මහමගදී බස්රියදුරෙකුට පලහරදුන් චණ්‌ඩි මල්ලිගේ පුතා රිමාන්ඩ් එකෙන් පැමිණ මාධ්‍යයට දෙහි කපයි


පෞද්ගලික බස්‌ රථ රියෑදුරකුට පහර දීමේ සිද්ධියකට රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින චණ්‌ඩි මල්ලීගේ පුත් එ.ජ.නි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.කසුන් මන්ත්‍රීවරයා ඊයේ (20දා) බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද දකුණු පළාත් සභා රැස්‌වීමට සහභාගී වීම ස`දහා පැමිණියේය. 



බන්ධනාගාර රියකින් ඔහු පළාත් සභා රැස්‌වීමට රැගෙන එනු ලැබීය. ඊයේ දකුණු පළාත් සභා රැස්‌වීම පැවැති ගාල්ල කලේගානේ පිහිටි පළාත් සභා පරිශ්‍රයට දැඩි පොලිස්‌ රැකවල් යොදා තිබුණි. මන්ත්‍රීවරයාගේ දැත්වලට මාංචු දමා තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් පළාත් සභා පරිශ්‍රය තුළදී මන්ත්‍රීවරයාගේ දැත්වලට දමා තිබූ මාංචු ගලවනු ලැබීය. කසුන් මන්ත්‍රීවරයා මෙහිදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මහ ඇමැති ෂාන් විඡේලාල් ද සිල්වා මහතා ද කසුන් මන්ත්‍රීවරයා අසලට ගොස්‌ අතට අත දුන්නේය.

ඉන්පසු එම්.කේ.කසුන් මන්ත්‍රීවරයා පළාත් සභා රැස්‌වීමේදී විශේෂ ප්‍රකාශයක්‌ කළේය. මාධ්‍ය ඒකපාර්ශ්වීයව කටයුතු කළේ යෑයි චෝදනා කරමින් මන්ත්‍රීවරයා මාධ්‍ය දැඩි දෝෂ දර්ශනයට ලක්‌ කළේය. ඉන්පසු දකුණු පළාත් සභාවේ (ජ.වි.පෙ) නලින් හේවගේ මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කරමින් මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබා දීම ගැන ප්‍රශ්න කළේය. ඒ සමග සභා රැස්‌වීම එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත් විය. නලින් හේවගේ මන්ත්‍රීවරයාගේ කථාවට ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, චම්ලි විතානාච්චි, ආරියවංශ සම්මු යන මන්ත්‍රීවරු බාධා කරමින් කතා කළහ.

දකුණු පළාත් සභා රැස්‌වීම සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


« PREV
NEXT »

Facebook Comments APPID