BREAKING NEWS
latest

728x90

468x60

පින් පෙට්ටිය වෙනුවට මිනී පෙට්ටියක් ඇති දඹුල්ලේ අරුම පුදුම පන්සල

පින් පෙට්ටියක් වෙනුවට මිනී පෙට්ටියක් තැන්පත් කර ඇති අපූරු විහාරස්ථානයක් ගැන දඹුල්ල වෑවල වැව මොරගොඩ මූකලාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සාමණේර හිමිවරු තුන්නමක් වැඩ සිටින ‘ශ්‍රී සුගතාභිනවාරාම’ නම් එම විහාරස්ථානයේ මිනී පෙට්ටියක් තැන්පත් කර තැබීමට හේතුව කුමක් දැයි විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන්ගෙන් ඊයේ (5දා) කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

‘‘මහත්තයෝ, මේ මිනී පෙට්ටිය පන්සලට ගේන්න කරුණු දෙකක් හේතු වුණා. එක් කරුණක් තමයි පසුගිය වකවානුවේ ගංගොඩේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණ මත්ද්‍රව්‍ය (කසිප්පු) නිසා තරුණ පරපුර විනාශ වුණා. මේ අය රැකගන්න කියලා පොලිසිය ඉස්සරහා උද්ඝෝෂණය සංවිධානය කළා. මත්ද්‍රව්‍ය විකුණන උදවිය පොලිසියට අල්ලලා දුන්නා. ඒ වැඩ නිසා මත්ද්‍රව්‍ය නිෂ්පාදයෙන් ප්‍රතිලාභ ලබන ගමේ උදවිය දානේ දීමෙන් වැළකී හිටියා. දැන් මාසෙකට දින 15ක් විතරයි දානේ ලැබෙන්නේ. මාසේ ඉතිරි දින ගණන් නිරාහාරව ඉන්න වෙලා. හදිසියේ අපවත් වුණොත් මිනී පෙට්ටියක් ගන්න ගමේ උදවියට වත්කමක් නෑ.

මහත්තයෝ, දෙවැනි කාරණය තමයි මමයි තවත් භික්ෂුන් වහන්සේ නමකුයි අපවත් වුණාම අපේ මෘතදේහ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මගේ මෑණියන් මියගිය පසුත් මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මේ කාරණා තුනටම මිනී පෙට්ටියක් මිලදී ගන්න ගියොත් විශාල මුදලක් යනවා. ඒ නිසා මේ මිනී පෙට්ටියේ මෘතදේහ තැන්පත් කරගෙන ගොස් වෛද්‍ය විද්‍යාලයට භාරදීලා ආපසු මිනී පෙට්ටිය පන්සලේ තැන්පත් කරන්න පුළුවන්. එතකොට මිනී පෙට්ටියකට මුදල් වැය වෙන්නේ නෑ.මහත්තයෝ මේ මිනී පෙට්ටිය පිටරටක හදපු එකක්. හරිම සවිශක්තිමත්. මෘතදේහ ප්‍රවාහනය කරන්න හදපු මිනී පෙට්ටියක්. ඒ නිසා ඕනෑම කෙනකුට මියගිය උදවියගේ මෘතදේහ ප්‍රවාහනය කිරීමේ කාරණය ඉටුකරගත් පසු මේ මිනී පෙට්ටිය ආපසු පන්සලේ තැන්පත් කරන්න පුළුවන්.
« PREV
NEXT »

Facebook Comments APPID