BREAKING NEWS
latest

728x90

468x60

ආ නංගි උඹලා දැන් හොඳට කනවා බොනවා නේද දැන් ලොකු මිනිස්සු නේ - කතට විහිළු කරන්න ගොස් දෙදෙනෙක් අවසන් ගමන් ගිය හැටි

මහමග යමින් සිටි කාන්තාවකට විහිළුවක්‌ කිරීමට ගොස්‌ එය බහින් බස්‌වීමක්‌ දක්‌වා දුරදිගයාමෙන් අනතුරව විහිළු කළ පුද්ගලයා කාන්තාවට පිහියකින් කොටා ඝාතනය කිරිමත් සමග එය දුටු කාන්තාවගේ සැමියා කාන්තාවට කෙටූ පුද්ගලයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

31 දා ගොකරැල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මැල්සිරිපුර පල්ලියද්ද හැවනතැන්න ගම්මානයේ කාන්තාවක්‌ සිය නිවස බලා යමින් සිටියදී මහ මගදී හමුවූ පුද්ගලයෙකු මෙම කාන්තාව දෙස බලා ආ නංගි උඹලා දැන් හොඳට කනවා බොනවා නේද දැන් ලොකු මිනිස්‌සු නේ යනුවෙන් පැවසිමත් සමඟ ඊට එම කාන්තාව සැරෙන් පිළිතුරු දීමත් සමගඟ ඇතිවූ බහින් බස්‌වීමකදී උරණ වූ විහිළු කළ පුද්ගලයා සිය නිවසේ තිබූ මන්නා පිහියක්‌ ගෙන කාන්තාව පන්නාගෙන ගොස්‌ ආමානුෂික ලෙස කොට බරපතල තුවාල සිදුකර ඇති අතර කාන්තාව බේරාගෙන රෝහල් ගත කිරීමට ගම්වාසීන් විසින් උත්සාහ දැරුවද සැකකරු ගම්වාසීන්ටද මරණ තර්ජන එල්ල කිරීම නිසා ගම්මු බියට පත් වී ඇත.


සිද්ධිය සැලවීමත් සමගඟ බරපතල තුවාල ලබා සිටි කාන්තාවගේ සැමියා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ ලේ විලක්‌ මැද සිටින සිය බිරිඳ බේරාගැනීමට උත්සාහ කිරීමේදී සැමියා හා කාන්තාවට කෙටූ පුද්ගලයා අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව දුරදිගයාමෙන් යැමෙන් සැමියා අතේ තිබූ පිහියකින් අදාල පුද්ලයාට ඇනීමත් සමගඟ එම පුද්ගලයාද බරපතල තුවාල ලබා බිම ඇද වැටී ඇතැයි ගොකරැල්ල පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා හා කාන්තාව ගොකරැල්ල දිසා රොහලට ඇතුලත් කෙරුණු අතර එහිදී එම පුද්ගලයා මිය ගොස්‌ ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ මැල්සිරිපුර පල්ලියද්ද හැවනතැන්න ගම්මානයේ පදිංචි අජිත් කුමාර දිසානායක (36) නැමති දෙදරු පියෙකි.

මෙම පුද්ගලයාගෙන් පිහි කෙටුම් පහර කා බරපතල තුවාල ලබා සිටි අනෝමා මල්කාන්ති නැමති 37 හැවිරිදි දෙදරු මව ගොකරැල්ල දිසා රොහලේ සිට කුරුණෑගල ශික්‌ෂණ රෝහලට මාරුකර යවා එහි දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 31 දා සවස මියගොස්‌ ඇත. ඝාතනයට ලක්‌වූ කාන්තාවට මාස නවයක කුඩා බිලිඬෙකු සිටින බව පොලිස්‌ පරීක්‌ෂණ වලදී හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 38 හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර 1 දා කුරුණැගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
« PREV
NEXT »

Facebook Comments APPID