BREAKING NEWS
latest

728x90

468x60

කුසල්,අසේල,මැතිව්ස් ඉන්දියාවට එරෙහි ශ්‍රි ලංකා සංචිතයට

පසුගිය ඉන්දීය තරගාවලියේදී හා ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ආබාධයට ලක් වූ තුන් ඉරියව් ක්‍රිඩක අසේල ගුණරත්න , ආරම්භක පිතිකරුවෙකු හා කඩුළු රකින ක්‍රිඩක කුසල් ජනිත් පෙරේරා සහ හිටපු නායක ඇන්ජලෝ මැතීව්ස්ගේ ආබාධයන් මේ වන විට සම්පූර්ණයෙන් සුව වී ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත් වීමටද ප්‍රධානතම හේතුව වූයේ දක්ෂතා අතර සිටින ක්‍රිඩකයන් ආබාධයට ලක් වීමයි.

මෙම ක්‍රිඩකයන්ගෙ ආගමනයත් සමග ඒ තත්වය බොහෝ විට වෙනස් විය හැකි බවයි ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ අදහසයි.

බොහෝ විට එලබෙන ඉන්දීය සංචාරයට මෙම ක්‍රිඩකයන් තිදෙනාම ඇතුලත් කිරීමට නියමිත අතර ඉන්දියාවට එරෙහි ටෙස්ට් සංචිතයද බොහෝ දුරට මේ සතියේදී නම් කරනු ලබන බවද එම සංචිතයට මෙම ක්‍රිඩකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු නම් කිරීමට නියමිත බවද ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලිද සිල්වා මහතා සදහන් කලේය.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය ටෙස්ට් තරග 3 ක් එක්දින තරග 3ක් විස්සයි විස්සයි තරග 3 ක් ඇතුලත් වෙයි.එයා නොවැම්බර් 16 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම ක්‍රිඩකයන් තිදෙනාගෙ ආගමනයතය ඉන්දීය කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් විය හැකි බවයි බොහෝ දෙනෙකුගේ අදහස.
« PREV
NEXT »

Facebook Comments APPID