BREAKING NEWS
latest

728x90

468x60

සමේ පැහැපත් බව ඇති කරන පේර

පේර, හීන් පෙර, කොන්ඩ පේර, ඇපල් පේර, කිලෝ පේර වශයෙන් වර්ග වේ.

මේ මිහිකතේ සෑම ප්‍රදේශයකම පේර ගස්‌ බෝවී සරුව වැඩෙනු ලැබේ. පේර වර්ග හතරකි. බොහෝ දුරට එම බෝවීම සිදුවනුයේ වවුලන් සහ තවත් කුරුලු වර්ග කේන්ද්‍ර කොටගෙනය. එම පක්‍ෂීන් පේර ගසකින් පේර ගෙඩියක්‌ කඩා කා හෝ ඩැහැගෙන හෝ තවත් දෙසකට ගමන් කර එම පේර ගෙඩිය බිම මත පතිත වීමෙන් සහ පේර කෑමෙන් පසු එම සතුන් පැහැරීමෙන් පසු ද පේර ඇට මගින් එය බෝවීමේ ප්‍රවනතාවය සිදුවේ. එක්‌ වර්ගයක ගෙඩි කුඩාය පොකුරු වශයෙන් සෑදේ. ඉදුණු පසු කහ පාටට හුරු වේ. ඇතුළේ මද රෝස පැහැතිය. ඉතාම මිහිරි රසැතිය. පේර ගෙඩිය කටින් සපා කෑමට පහසුය. පේර ගෙඩිය එතරම් තද නැත. ඇට අඩුය. එක පොකුරක ගෙතුන හතරක්‌ වශයෙන් පවතී.

අනික්‌ පේර වර්ගය ගෙඩි ලොකුය. ගෙඩි තරමක්‌ තද ගතිය පවතී. පිහියකින් කැබලි කපා කෑමට සිදුවේ. ගෙඩිය ඉඳුණු පසු ඇතුළේ මදය කහ පාටය. පේර ඇට ටිකක්‌ අධිකය. ගම්බද ප්‍රදේශවල කැළෑබදව ද මෙම පේර ගස්‌ සරුවට වැඩේ. ඵල හටගනී. ලේනුන්, කුරුල්ලන්ගෙන් ගෙඩි ඵලදාවට හානි සිදුවේ. පේරවල ගුණාත්මකභාවය ආයුර්වේද ඖෂධීය ගුණය වනුයේ ශරීරයේ සමේ පැහැපත්භාවය ලබාදීමයි. ශරීරයේ ලේවල උෂ්ණත්වය අඩු කිරීමේ ගුණය සහ විෂ නැසීමේ ගුණය පවතී.

කුඩා පේර හැරෙන්නට වෙළෙඳපොළේ ගෙඩි විශාල පේරද දැකගැනීමට තිබේ. එම පේර වර්ගය බොහෝ දුරට වැවෙනුයේ නුවර, රත්නපුර, මොරවක, දෙණියාය, බදුල්ල, බණ්‌ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවලය. එම එක පේර ගෙඩියක බර ග්‍රෑම් පන්සීය, දෙසීය, තුන්සීය වශයෙන් යුතු වේ. එය කැබලි කපා ගම්මිරිස්‌ කුඩු සහ ලුණු කුඩු එකතු කර කෑමට ගනු ලැබේ. එම පේරවලට භාවිතා කරනුයේ නාගරික අය කිලෝ පේර නමිනි. ගෙඩි ලොකු පේරවලට ගැමි අය කියනුයේ රට පේර නැතිනම් වගා පේර කියාය. එහෙමත් නැතිනම් මස්‌ පේර කියාය. එම ලොකු පේරවලට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක්‌ තිබේ. පේර ගෙඩියේ විශාලත්වයේ හැටියට රුපියල් පණහක්‌ සීයක්‌ පමණ මුදලකට අලෙවි වේ. කෙසේ වෙතත් ගම්බද හීන් පේර වර්ගය මෑතක සිට ව්‍යාප්ත වීමේ ප්‍රතිශතය අවමවීමේ ප්‍රවණතාවයක්‌ දැකීමට සිදුව තිබේ.

මා මෙහි ඉහත සඳහන් කළ හීන් පේර වර්ග දෙක ඈත අතීතයේ සිට මේ සිරිලක්‌ තලයේ අපේ සරුසාර පසේ තෙල් පෝර භාවිතයකින් තොරව ඉබේ හැදුන වැඩුන අපේ රටට ආවේණික වූ අපේම පේර වර්ග දෙකය. එම පේර පැසී ඉදී තිබෙනු දුටු විට අපේ රටේ අපේ ළමුන් ගස්‌ යැම හෝ කෙකිවලින් හෝ කඩා කෑමට ගනිති. වෙළෙඳපොළට එක්‌වීමක්‌ නොමැත. හේතුව එය අල්ප වීමය.

එහෙත් වර්තමානයේ ලංකාවේ වෙළෙඳපොළේ දැකීමට සිදුවන සහ මිලට ගැනීමට සිදුවනුයේ අපට ආවේණික නොවූ අපේ රටට ආගන්තුක වූ පේර වර්ගයකි. එය ප්‍රභේද වශයෙන් දෙවිධියකි. දෙවර්ගයකි. රතු වර්ගයක්‌ සහ සුදු වර්ගයක්‌ වශයෙනි. ඇතුල් පැත්තේ මදය රක්‌ත වර්ණයෙන් යුතු වේ. මෙම පේර ගෙඩිය රවුම්ව තරමක්‌ විශාලව වැඩේ. එහි මදය ඇතුළේ ඇට ස්‌වල්ප වශයෙනි. ඉදුන පසු මිහිරි රසය ගෙන දේ. මෙම පේර වර්ගය කොළඹ සහ නුවර, රත්නපුර වැනි ප්‍රදේශවල උගත් සමාජ තලයේ අය භාවිත කරන්නේ හඳුන්වන්නේ ව්‍යවහාර කරන්නේ ඇපල් පේර කියාය. 

පේර ගෙඩියේ මදයේ ඇට ප්‍රමාණයෙන් අධික වූ පැසී ඉදුණු පසු කෑමට යොදාගනු ලබන වෙළෙඳපොළ සඳහාම වගා කරනු ලබන ලොකුවට ගෙඩි හටගනු ලබන කෘමි උවදුරට ලක්‌වනු ලබන බරින් වැඩි කොළ පැහැති පේර රත්නපුර, කුරුවිට, එරත්න, කලවාන, රක්‌වාන, පොතුපිටිය, පස්‌සර, දෙනියාය, මාතලේ, නුවරඑළිය, බණ්‌ඩාරවෙල යන ප්‍රදේශවල වගා කරනු ලැබේ. එම පේර වලින් වගාකරුවන් විශාල ආදායමක්‌ ලබනු ඇත. එසේම ගෙඩි ලොකුවට හැදෙන නිසාත් බරින් වැඩි නිසාත් උගත් සමාජ තලයේ අය හඳුන්වාලනුයේ කිලෝ පේර කියාය. මේ පේර වර්ගවලින් ශරීරයට සිදුවන ගුණාත්මකභාවය අඩුවක්‌ නොමැත. ශරීරයට යකඩ (ඛණිජ), ලබාදෙන අතර විටමින් සී. ලබා දෙයි. ශාරීරික ශක්‌තිය කටහඬ මිහිරි කරවන ගුණාත්මක සහ ධනාත්මකභාවය ශරීරයට සෞම්‍ය ගුණය රූප ශෝභාව ළඟාකර දීමේ ප්‍රතිශක්‌තියක්‌ අන්තර්ගතව පවතී.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන ව්‍යාපෘතියේ දිරිගැන්වීම උදෙසා මෙම ලිපි පෙළ ලියා පළ කරන ලදී.

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති
« PREV
NEXT »

Facebook Comments APPID