BREAKING NEWS
latest

728x90

468x60

නව නිපැයුම් තරගාවලියට ගොස් සුද්දන් පරදා ජාත්‍යන්තරය ජයගත් අපේ පුංචි වීරයෝ


ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැති ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ පාසල් සිසුන් හත් දෙනා රන් සම්මාන පහක්‌, රිදී සම්මානයක්‌ හා ලෝකඩ සම්මානයක්‌ දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ හිමිකර දුන්හ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ තාක්‍ෂණ අංශයේ අධ්‍යාපනය ලබන තේනුක සස්‌සර (18) කල්මුනේ සහිරා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ජීවවිද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන අබ්දුල් මජීඩ් මොහොමඩ් සව්µdන් (18) ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ තාක්‍ෂණ අංශයේ අධ්‍යාපනය ලබන ගිහාන් කවින්ද හෙට්‌ටිආරච්චි (18) කලුතර Cදාණෝදය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එස්‌. ඩී. සචින් ස්‌ටෙචර් (15) හා මාවනැල්ල සහිරා විද්‍යාලයේ 10 සහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මොහොමඩ් අය්යාෂ් (15) යන සිසුන් පස්‌ දෙනා රන් සම්මානය බැගින් ද කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ගණිත අංශයේ අධ්‍යාපනය ලබන සාලුක උද්භාස ශිෂ්‍යයා (18) රිදී සම්මානයක්‌ද ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ගණිත අංශයේ අධ්‍යාපන ලබන කවිෂ්ක මාධව රත්නවීර ශිෂ්‍යයා (17) ලෝකඩ සම්මානයක්‌ද දිනා ගනිමින් මෙසේ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ලබා දුනි.



කොළඹ ආනන්ද විද්‍යාලයේ සේනක සස්‌සර ශිෂ්‍යයා (18) නිර්මාණය කර තිබුණේ රථවාහන වල දෝෂ පෙන්නුම් කරන විශේෂ ස්‌වයංක්‍රීය පද්ධතියකි. එමගින් වාහනය පණ ගැන්වීම පෙර මෙන්ම ධාවනය වෙමින් පවතින විටදීත් වාහනයේ පවතින සියලු දෝෂ හඳුනා ගෙන එහි හිමිකරුට සිය ජංගම දුරකථනය ඔස්‌සේ කෙටි පණිවුඩයකින් දැනුම් දෙයි. එමෙන්ම එම දෝෂ මග හරවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම යා යුතු ළඟම ගරාජයද එම කෙටි පණිවුඩයට ඇතුළත් වේ.

මොහු එම රන් සම්මානයට අමතරව හොඳම නව්‍යකරණය නව නිපැයුම්කරු සම්මානයෙන්ද පිදුම් ලැබීය.

කල්මුණේ සහිරා විද්‍යාලයේ අබ්දුල් මජීඩ් මොහොමඩ් ශිෂ්‍යයා (18) නිර්මාණය කර තිබුණේ සූර්ය බල ශක්‌තියක්‌ ක්‍රියා කරන කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික දියර ඉසින යන්ත්‍රයකි.

ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ ගිහාන් කවින්ද හෙට්‌ටිආරච්චි ශිෂ්‍යයා (18) නිර්මාණය කර තිබුණේ සූර්යබල ශක්‌තියෙන් ක්‍රියා කරන බහු කාර්යය ආරක්‍ෂක පද්ධතියකි.

කලුතර ජදාණෝදය විද්‍යාලයේ එස්‌. ඩී. සචින් ස්‌ටෙචර් ශිෂ්‍යයා (15) නිර්මාණය කර තිබුණේ ආබාධිතයෙකුට වුවද පහසුවෙන් භාවිතා කළ හැකි යාන්ත්‍රික කාර්යක්‍ෂම මිටියකි.

මාවනැල්ල සහිරා විද්‍යාලයේ මොහොමඩ් අය්යාස්‌ ශිෂ්‍යයා (15) නිර්මාණය කර තිබුණේ බල ශක්‌තිය සුරකින ආහාර පිසින උපකරණයකි.

කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ සලුක උද්භාස ශිෂ්‍යයා (18) නිර්මාණය කර තිබුණේ වාහනයක ප්‍රධාන විදුලි පහන් අනෙකුත් වාහන සමඟ ස්‌වයංක්‍රීයව පාලනය වන උපකරණයකි.

ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ කවිෂ්ක මාධව රත්නවීර ශිෂ්‍යා (17) නිර්මාණය කර තිබුණේ ද්විත්ව කාර්යය දොර අගුලකි.

මොහුට මැලේසියා රජය මගින් විශේෂ කුසලතා සම්මානයක්‌ද පිරිනැමිණි.

මෙම සම්මාන උළෙලට ලෝකයේ රටවල් රැසකින් නව නිපැයුම්කරුවන් 1500 ක්‌ පමණ ඉදිරිපත් වී සිටියහ.

මේ සිසුන් හත් දෙනා දිනූ සම්මාන හා සහතික රැගෙන ඉකුත් සඳුදා (25 වැනිදා) පස්‌වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා පැමිණ සිටි පිරිස අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක, එම විද්‍යාලයේ නව නිපැයුම් සංගමය භාර ආචාරිනී දර්ශනී පෙරේරා, එහි සභාපති ශිෂ්‍ය කුෂාන් ජයනාත් හා ආදි ආනන්ද නිපැයුම්කරුවන්ගේ සංගමයේ සභාපති දක්‌ෂීන් ඩයස්‌ යන අයවලුන්ද වූහ.
« PREV
NEXT »

Facebook Comments APPID