BREAKING NEWS
latest

728x90

468x60

තල්ලෙන් ඇනුණු යකඩ කූර කටෙන් මතුවෙයි

ඉදිවෙමින් පවතින නව දෙමහල් නිවසක පියගැටපෙළෙන් ලිස්සා වැටී යකඩ කූරක් තල්ලෙන් ඇණී කටින් මතු වී බරපතළ තත්වයෙන් හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයාට සිදු කළ සැත්කම සාර්ථක බව හෝමාගම රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හෝමාගම ජල්තර ප්‍රදේශයේ පදිංචි ශාන්ත බණ්ඩාර ඒකනායක (54) යන අය වේ. මොහු හෝමාගම පිටිපන ගබඩාවත්තේ පදිංචි සිය ඥාති සහෝදරයකුගේ ඉදි වෙමින් පවතින නිවසේ කටයුතු දැක බලා ගැනීම සඳහා එම නිවසේ උඩුමහලට ගොස් ඇත.

එහි සිට පිට ගැටපෙළේ පහලට ගමන් කරමින් සිටිය දී වැසි ජලය පැවති ස්ථානයක දී එක් පාදයක් ලිස්සා යාමත් සමග පහලට ඇද වැටෙන අවස්ථාවේ දී යකඩ කූරක් තල්ලේ ඇණී එය කටින් මතු වී තිබේ. මෙහි දී නිවසේ අය සහ අවට පිරිස් එකතු වී ප්‍රථමයෙන් යකඩ කූර කපා කූර සමග හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ක්ෂණිකව සැත්කමක් කර යකඩ කූර ඉවත් කළ බවත් දැනට රෝගියා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ගන්නා අතර ඔහුගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ප්‍රකාශකයා වැඩි දුරටත් පැවැසීය.
« PREV
NEXT »

Facebook Comments APPID