BREAKING NEWS
latest

728x90

468x60

පියාගේ තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන, මහින්ද විදුහලේ 16 හැවිරිදි සිසුවා දිවි නසාගනී

ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු පෙරේදා (10 වැනිදා) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙකි.

ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියකි. මියගිය සිසුවා පවුලේ දෙවැනි දරුවාය. ඔහු. පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන ඇති බවත් ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවත් පොලිසිය පවසයි.

තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවත් තමා කරන දේවල් නිසා පවුලේ අය ගොඩාක්‌ දුක්‌ වින්ද බවත් මෙම සිද්ධිය කෙල්ල නිසා කරගත් දෙයක්‌ කියලා නොකියන ලෙසත් එය මෙයට සම්බන්ධ නැති බවත් සාමාන්‍ය පෙළ ලිව්වත් මේ වගේ පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ සඳහන් වේ.

මියගිය සිසුවාගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර ගාල්ල පොලිස්‌ අධිකාරී වී. ඩබ්ලිව්. ගිනිගේ මහතාගේ උපදෙස්‌ පරිදි පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම - සුගතපාල දියගහගේ
« PREV
NEXT »

Facebook Comments APPID