BREAKING NEWS
latest

728x90

468x60

ඩුබායි හි එල්ලෙන මින්මැදුරේ කිමිදෙන අපේ කෙල්ලෝ දෙන්නා

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. මත්‍යයන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතර යට කිමිදෙමින් මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම.
ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය යුතුයි. ඒ වගේම එයාලගේ නීති මාලාවකුත් තියනවා එසේ කිමිදෙමින් මසුන් නරඹන්නේ නම්. ඒ සියල්ලටම ඔබ එකඟ විය යුතුයි.


මෙහිදි ඔබට වතුර යට සිට දරුණු වර්ගයේ මෝරන් වැනි මත්‍යයන් හා ගැවසෙන්න හැකියි. ඔබේ ආරක්ෂාවට ඔබ වතුර යට සිටින්නේ යකඩ කූඩුවක් තුළයි.
shark encounter එහෙමත් නැත්නම් මොර හමුව තියෙන්නෙ burj kalifa වල යට තට්ටුවේ. මේක පුදුමාකාර නිර්මාණයක්.
මේ අවස්ථාව උදාකරගන්න නම් විශාල මුදලකුත් යට කරන්න වෙනවා. වීඩියෝවේ සිටින්නේ අපේ ශ්‍රී ලාංකීය යුවතියන් දෙන්නෙක් කිමිදෙමින් ඒ අද්දැකීම ලබාගත් ආකාරයයි.
ඩුබායි හි රාජ මාලිගයේ වූ සත්වෝද්‍යානයේ සත්ව වේදිනියන් සේ කටයුතු කරන මේ දෙන්නා දිය යට කරන දේ ඔබට වීඩියෝව මගින් නරඹන්න හැකියි.
මෙසේ මේ දිය යට සිටින්නේ සනුජා ගුණවර්ධන සහ යශෝධා කළුවැල්ල කියන අපේම සොයුරියන් දෙන්නෙක්.

« PREV
NEXT »

Facebook Comments APPID