BREAKING NEWS
latest

728x90

468x60

‌චාමර සිල්වාට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිලු, තරග පාවා දීම සිදුවන දිනයේ ක්‍රීඩා නොකළ චාමරට දඬුවම් දුන් නිළධාරීන් දැන් කියන කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය සහ කලුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය අතර ඉකුත් ජනවාරි මස පැවැති තරගයේ තෙවැනි දිනයේදී සිදුවූ තරග පාවාදීමක් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය කතාබහට ලක් වුනා. තරගයේ තෙවන දිනයේ සිදුවූ පාවා දීමට , තරගයේ තෙවන දිනය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ චාමර සිල්වාට දඬුවම් කිරීම මහේල ජයවර්දන , රසල් ආර්නෝල්ඩ් වැනි ක්‍රිකට් ප්‍රවීනයන්ගේ දැඩි විවේචනයට ලක් ව තිබීමද ක්‍රිකට් ලෝලීන්ගේ අවදානය දිනා ගත්තා.

කෙසේ වෙතත් තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වසර දෙකක තහනමකට ලක්‌ව සිටින හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක චාමර සිල්වාට අභියාචනාවක්‌ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අදාළ පරීක්‍ෂණය මෙහෙයවූ ප්‍රධානියා වන අසේල රැකව මාධ්‍යයට පවසනවා.

පරීක්‍ෂණ කමිටුව විසින් තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට කිහිප වරක්‌ම පැමිණ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලබාදුන්නද ඒ සියලු අවස්‌ථා ඔවුන් මග හැරී ඇති බවත් එක්‌ වතාවක්‌ පමණක්‌ චාමර සිල්වා නීතිඥයකු ඉදිරිපත් කර ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පරීක්ෂණ ප්‍රධානී අසේල රැකව පවසනවා. එහිදි අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ 

"චාමර සිල්වා සහ චරිත බුද්ධික දෙදෙනාම එක දවසක්‌වත් පරීක්‍ෂණ කමිටුව ආවේ නැහැ. චාමර සිල්වා බඩේ අමාරුවක්‌ නිසා තරගයේ තෙවැනි දිනය ක්‍රීඩා කළේ නැහැ කියල ආරංචි වුණා. නමුත් අපි පරීක්‍ෂණය කළේ දින තුනේම තරගයට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට. මොකක්‌ හරි හේතුවක්‌ තිබුණනම් ඔහුට මේ ගැන දන්වන්න තිබුණා. එහෙම වුණානම් අපි ඒ ගැන සොයා බලනවා." යනුවෙනි.

චාමර සිල්වා තරගයේ තෙවැනි දිනයේදී පැමිණ නැති බවත් ඔහු නායකයා ලෙස ලකුණු සටහන් පොතේ අත්සන් නොකර ඇති බවත් සඳහන් වේ. නමුත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් තරග තහනමක්‌ ලබද්දී අදාළ ක්‍රීඩා සමාජ දෙකේම කිසිදු බලධාරියකුට එරෙහිව පාවාදුන් බවට සාක්‍ෂි ඉදිරිපත් වී නොමැත. ඒ අනූව තරගය දෙපිලේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ගේ උවමනාවටම පාවාදීමේ සිද්ධියකට මුල් වූයේ කෙසේද යන්නත් ගැටලුවක්‌ව තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID