BREAKING NEWS
latest

728x90

468x60

ඉදිරියේදී මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා එකම වර්ණයක්

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහාම වෙන්වු වර්ණයක් කඩිනමින් හදුන්වාදීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කොට ඇත.

එසේ කිරීමෙන් කුලී ගමනක් යන්නකුට හා වෙනත් ‍ ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් කුලී ත්‍රීරෝද රථ හදුනා ගැණිමට පහසුවන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මේවන විට මගී ප්‍රවාහන රථවලට යොදන වර්ණය පිළිබදව සාකච්ජා කරමින් පවතින අතර වර්ණය තීරණය කල විගස එය මගී ප්‍රවාහන රථවලට යෙදවීමට කටයුතු කෙරේ.මීට අමතරව වර්ණවත් කල ත්‍රීරෝද රථ වලට ලාංජනයක් ද යොදවනු ඇත.

දැනට ලංකාවේ ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමානයක් ත්‍රීරෝද රථ ලියාපිදිංචි වී තිබෙන අතර එයින් නම ලක්ෂයක් මගී ප්‍රවාහනය සදහා යොදවා ඇත.

මෙහිදී මගී ප්‍රවාහන කරන ත්‍රීරෝද රථ වර්ණවත් කොට සීල් එකක්ද යෙදුවත් අදාල ත්‍රීරෝද රථයෙන් මගීන් රැගෙන යනවිට තමන් සතුව මගී ප්‍රවාහනය සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මගින් නිකුත් කරන සහතික පතද තිබිය යුතුවෙයි. 

මේ ක්‍රමය තුළින් මගී ප්‍රවාහන රථ වලට විශාල වාසියක් අත්වනු ඇත.මන්ද නිවාස වල තිබෙන ත්‍රීරෝද රථ වලට මේ අනුව තමන්ට රිසි අයුරින්මගී ප්‍රවාහනය කිරීමට නොහැකිවන බැවිනි.

ඔත්තෝබර් මස පළමුවැනිදා පෙර ත්‍රීරෝද රථ වලට මීටර් සවිකර රිසිට් පතක් ලබිදීමට නියමිතව තිබු කාලසීමාව ත්‍රීරෝද රථ සංගම් වලින් කල ඉල්ලීම් වලට අනුව දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කල බවද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය. 

(නිමල් රාජපක්ෂ)
« PREV
NEXT »

Facebook Comments APPID