BREAKING NEWS
latest

728x90

468x60

කොරියාවේ ගිය වලස්මුල්ලේ තරුණයෙක් අතුරුදන්

දකුණු කොරියාවේ ධිවර කර්‍මාන්තයේ රැකියාවක නිරතව සිටි විසිහතර හැවිරිදි තරුණයකු පසු ගිය 8 වන දින සිට එරටදී අතුරුදන්ව ඇති බව එම තරුණයාගේ දෙමාපියෝ පවසති.මෙසේ අතුරුදන්ව ඇත්තේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වීදපොළ ග්‍රාම නිලධාරී වසමේ බෙලිඅත්ත කුඹුර ගෙදර පදිංචිව සිටි කුලසිංහ ලියනගේ නුවන් චතුරංග නැමැති අයයි.

මෙම තරුණයා 2016.4.19 වන දින විදේශසේවා නියුක්ති කාර්‍ය්‍යාංශය මගින් දකුණු කොරියාවේ රැකියා අවස්ථාවක් සදහා පිටත් කර යවා ඇත. නුවන් චතුරංගගේ මව වන එම්.කුමුදු ජානකී(48) මහත්මිය මෙසේ කීවාය.
‘‘ පවුලේ වැඩිමහල් පුතා තමයි නුවන් චතුරංග.එයා කොරියාවේ රැකියාවට ගොස් අවුරුදු එකයි මාස පහක් පමණ වෙනවා.රට ගිය දවසෙ ඉදල හැමදාම ගෙදරට කථා කරන සිරිතක් පුතාගෙ තිබුණා. පසු ගිය 7 වෙනිද කථා නොකළ‍ නිසා අපි පුතාගෙ ෆෝන් එකට 8 වන වන දින උදේ කථා කළා. පිළිතුරක් ලැබුනෙ නෑ. පස්සෙ එයාගෙ රට ඉන්න යාලුවෙකුට කථා කරාම දැනගන්න ලැබුන පුතා බෝට්ටුවකින් යන විට මුහුදට වැටිල අතුරුදන් වෙලා කියල. 8 වෙනිදම අපි විදේශ සේවා කාර්‍ය්‍යාංශයට ගොස් පැමිණිලිකළා, පුතාග අතුරුදන් වීම ගැන.එහි ගොස් සොයා බලන අවස්ථාවෙත් දැනගන්න ලැබුනෙ පුතා බෝට්ටුවකින් මුහුදට වැටුන බවත්,දැනට අතුරුදන්ව ඇති බවත් පමණයි. තාම පිළිතුරක් අපට නැහැ. පුතාට වුනේ මොකක්ද කියල අපට දැනගන්න ඕන. පවුලෙ නඩත්තුවට,මල්ලිගෙ අධ්‍යාපනයට උදව් ‍කෙළේ නුවන් පුතා.
« PREV
NEXT »

Facebook Comments APPID