BREAKING NEWS
latest

728x90

468x60

බාලවයස්‌කාර දැරියකට අතවර කළ දෙදරු පියාට වසර 15 ක සිරදඬුවම්

අසල්වැසි 14 හැවිරිදි තරුණියක්‌ බලහත්කාරයෙන් දූෂණය කිරීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 45 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (20 දා) බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවමක්‌ නියම කළේය.

මව විදේශගතවීම නිසා සිය මිත්තනියගේ නිවසේ ජීවත් වූ එම බාලවයස්‌කාර තරුණිය කාමරයකට ගෙන ගොස්‌ දූෂණය කිරීම හා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම යන අධි චෝදනා දෙකටම විත්තිකරු වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා එම සිරදඬුවම නියම කළේය. එම සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 15,000 ක දඩයක්‌ ද නියම කළ විනිසුරුවරයා දූෂණයට ලක්‌ වූ තරුණියට රුපියල් ලක්‌ෂ දෙකක වන්දියක්‌ ගෙවන ලෙසට ද නියම කළේය. එම වන්දි හා දඩ නොගෙවන්නේ නම් අමතර වසර හයක සිරදඬුවමක්‌ ලබාදීමට ද විනිසුරුවරයා නියම කළේය.

2009 සැප්තැම්බර් 12 වැනිදා කොළඹ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකදී විත්තිකරු එම අපරාධය සිදුකර ඇතැයි පැමිණිල්ල මගින් පෙන්වා දී තිබුණි.


ඒ. ඡේ. ඒ. අබේනායක
« PREV
NEXT »

Facebook Comments APPID