BREAKING NEWS
latest

728x90

468x60

ne÷ïlr úu¾Yk myiq fjkak uy nexl=j w.ue;sf.ka .,jkak uy nexl=fõ Wiia‌ ks,OdÍyq msßila‌ lsh;s

බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා පරීක්‍ෂා කොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක්‌ පත්කිරීම ගැන අගය කරන නමුත් මහ බැංකුවෙන් අවශ්‍ය නිසි සාක්‍ෂි හා තොරතුරු බාධාවකින් තොරව එම කොමිසමට ලබා ගැනීමට නම් දැනට අගමැතිවරයා යටතේ පාලනය වන මහ බැංකුව තාවකාලිකව හෝ ඔහුගෙන්a ඉවත් කළ යුතු යෑයි ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස්‌ නිලධාරීහු පිරිසක්‌ 'දිවයින' ට ඊයේ (24 දා) පැවසූහ.

මහ බැංකුව දැනට ගැසට්‌ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයටය.

මේ කාරණය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අවධානයට ලක්‌ කළ යුතු බවත් මීට අදාළ සාක්‍ෂි හා තොරතුරු වැඩිම ප්‍රමාණයක්‌ තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව වන බැවින් එම නිලධාරීන්ට බියෙන් හා සැකෙන් තොරව තමන් දන්නා තොරතුරු බාධාවකින් තොරවඑම ජනාධිපති කොමිසමට හෙළි කළ හැකිවනු ඇත්තේ, මහ බැංකුව අගමැතිවරයාගෙන් ඉවත් කිරීමෙන් පමණක්‌ බවත් ඔවුහු අවධාරණය කරති.

එම චෝදනා එල්ලවූ බැඳුම්කර ගනුදෙනුවලට වගකිව යුතු නිලධාරීන් තවමත් මහ බැංකුවේ එම වගකීම් එලෙසම උසුලන නිසා ජනාධිපති කොමිසම ඉදිරියේදී විමසන තොරතුරු ලබා ගැනීමට සිදුවන්නේ එම වංචනික කටයුතුවලට සම්බන්ධ නිලධාරීන්ගෙන්ම වන බැවින්, එම නිලධාරීහු එම තනතුරුවලින් තාවකාලිකව හෝ ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවත් නැතහොත් කොමිසම පත් කිරීමේ ජනාධිපතිවරයාගේ අරමුණු එලෙසින්ම ඉටු නොවනු ඇති බවත්, එම මහ බැංකු උසස්‌ නිලධාරීහු කියති.

අදාළ චෝදනා එල්ලවී ඇති නිලධාරීන් වෙනස්‌ නොකර එම තනතුරුවලම තබා ගන්නැයි වත්මන් මහ බැංකු අධිපතිවරයාට නොයෙකුත් බලපෑම් එල්ල වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ ලේකම්වරිය ලෙස තවමත් සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අධිපති ලේකම්වරියම බවද, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ද එම ලේකම්වරියම තබා ගන්නා ලෙස බලපෑම් එල්ලවී ඇති බවද මහ බැංකුවේ එම උසස්‌ නිලධාරීහු තවදුරටත් 'දිවයින' ට කියා සිටියහ.
« PREV
NEXT »

Facebook Comments APPID