BREAKING NEWS
latest

728x90

468x60

fld.a., .fÛa bkak fiaru lsUq,ka ñkS lkjd lsh,d ∙ lsUq,aÆ w,a,uq wud;H pkaÈu ùrla‌fldä

කොග්ගල කලපුවේ සහ මාදු ගඟේ ජීවත් වන කිඹුලන් සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්‌ බැවින් එම සතුන් ඉවත් කිරීමට පියවර ගැනීමට ඉකුත් දිනෙක රැස්‌වූ ගාල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීරණ කමිටුව තීරණය කරනු ලැබුණි.

ගාල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම රැස්‌වීම පවත්වනු ලැබුණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි මහතා- කොග්ගල කලපුවේ මිනී කන කිඹුලන් නිසා කලපුවේ ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද බාධා එල්ල වන බව පෙන්වා දුන්නේය.

මේ නිසා මෙම සතුන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වනජීවි දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන භාරකරු චානක තරංග මහතා වෙත උපදෙස්‌ ලබා දෙනු ලැබුණි.

හික්‌කඩුව උද්‍යාන භාරකරු චානක තරංග මහතා-

ඇත්තටම වනජීවී දෙපාර්තමේන්තුවට හානිදායක සතෙක්‌ ඉන්නවා නම් අල්ලන්න පුළුවන්කම තියෙනවා. නමුත් ගඟේ ඉන්න සියලු කිඹුල්ලු අල්ලන්න අපහසුයි. හැම කිඹුලම මිනී කන්නේ නෑ. මිනී කන්න පුරුදු වුණ සතුන් තමයි හානිදායක.

සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මහතා-

දැන් ඔය කන කිඹුලයි නොකන කිඹුලයි කොහොමද සොයාගන්නේ?

සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්‌ගොඩි මහතා-

දැන් ඔය කාපු කිඹුලා අල්ලන්න පියවරක්‌ ගන්න පුළුවන්ද ?

වනජීවී දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන භාරකරු චානක තරංග මහතා-

පුළුවන්. ප්‍රදේශවාසීන්ගේත් සහාය ඇතිව අල්ලාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් කොග්ගල ගඟේ ඉන්න සියලූ කිඹුලන් අල්ලන්න බෑ

සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි මහතා-


මෙතැන ප්‍රශ්නයක්‌ තියෙනවා. ප්‍රශ්නය කිඹුල්ලුන්ගේ නොවෙයිනේ වැදගත් වන්නේ මිනිස්‌සුන්ගේ ප්‍රශ්නයයි. ඒ නිසා කොග්ගල ගගේ ඉන්න සේරම කිඹුලන් කනවයි කියලා අපි අල්ලමු.

වනජීවි දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන බාරකරු චානක තරංග මහතා-

මගේ කිසි ප්‍රශ්නයක්‌ නෑ . මම දෙපාර්තමේන්තුවට කියන්නම්. කැමැති වුණොත් අල්ලමු. අම්බලන්ගොඩත් නිල්වලා ගඟෙත් ඉන්නවා කිඹුලන්. අපි ඒවගේ කිඹුලන් සිටින මිනිස්‌සු පරිහරනය කරන ස්‌ථානවලට කිඹුල් කොටු ගහලා දෙනවා.

සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි මහතා-

කොග්ගල කලපුවේ කිඹුලන් ඉස්‌සර හිටියේ නෑ. දැන් කොග්ගල කලපුවේ දංවැල් දාපු කිඹුල්ලුන් ඉන්නවා. දංවැල් එක්‌ක කිඹුලන් උපදින්නේ නෑනේ. නැට්‌ට කොට කිඹුලන් ඉන්නවා. ඒ පිටින් ගෙනැල්ල දාපු සතුන්.

වනජීවි දෙපාර්තමේන්තුවේ හික්‌කඩුව උද්‍යාන බාරකරු චානක තරංග මහතා-

ගංවතුර කාලෙදි වෙන වෙන ජල ප්‍රභවයන්වල සිටින කිඹුලුන් එන්න පුළුවන්. උබය ජීවීන් නිසා එම සතුන්ට ගොඩ ඉන්නත් ජලයේ ඉන්නත් පුළුවන්කම තියෙනවා. සමහර විට ඔය කියන කාරණා ඇත්ත වෙන්න පුළුවන්. නමුත් අහුංගල්ල සත්ත්ව උද්‍යානයෙන් අපි දැනුවත්ව කිඹුලන් කොග්ගලට ගෙනත් දැම්මේ නැහැ.

සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්‌කොඩි මහතා - මෙතන ධීවර කර්මාන්තය කෙරෙන සංචාරක ව්‍යාපාරය කෙරෙන තැනක්‌. ගඟ අවට පදිංචිකරුවන් කිඹුලන්ට පණ බයේ ඉන්නේ. ඒ නිසා අපි තීරණයක්‌ ගිනිමු කොග්ගල කලපුවේ කිඹුලන් ඉවත් කරන්න සම්බන්ධීකරණ කමිටුව ගත් තීරණයක්‌ ලෙස. මේක මේ සතියෙම පටන් ගන්න.
« PREV
NEXT »

Facebook Comments APPID