BREAKING NEWS
latest

728x90

468x60

පසුගිය වසරේ කොළඹ නගරයේ ඩෙංගු රෝගීන් 3122 ක්‌ කොළඹ මහ නගර සභාව කියයි

කොළඹ නගරයේ පසුගිය වසර තුළ (2016) ඩෙංගු රෝගීහු 3122 ක්‌ වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

මේ අතරින් ඩෙංගු රෝගය වැළඳුණු 2500 ක්‌ සොයාගත් බවත්. මරණ 6 ක්‌ වාර්තා වී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා 'දිවයින' ට පැවසීය.

2015 වසරට සාපේක්‌ෂව මෙය සියයට 5 ක වැඩිවීමක්‌ බව ද හෙතෙම කීය. උතුරු කොළඹ හා නැගෙනහිර කොළඹට අයත් මෝදර, මට්‌ටක්‌කුලිය, මහවත්ත, දෙමටගොඩ, කිරුළපන, නාරාහේන්පිට යන ප්‍රදේශවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇතැයිද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ (2016) කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් 2723 ක්‌ වාර්තා වී ඇති බවත් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 5 ක්‌ බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
« PREV
NEXT »

Facebook Comments APPID