ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(09) උදෑසන තංගල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඇය මෙලෙස තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.










