BREAKING NEWS
latest

728x90

468x60

සතුන් දඩයමේ ගිය ඩයක්කරුවන් තිදෙනෙකු සිංහයින්ගේ ගොදුරක් බවට පත්වූ හැටි

දකුණු අප්‍රිකාවේ රක්ෂිතයකට ඇතුල් වී රයිනෝසිරස් සතුන් දඩයම් කිරීමට සැරසුණු දඩයක්කරුවන් තිදෙනෙකු සිංහයින්ගේ ගොදුරක් බවට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම දඩයක්කරුවන් පිරිස අනවසරෙන් මෙම රක්ෂිතයට ඇතුල් වී ඇත්තේ තුවක්කු හා පොරෝ අතැතිවයි. කෙසේ නමුත් ඔවුන් දඩයමක් බලාපොරොත්තුවෙන් මාන බලමින් සිටි සිංහයින් රංචුවකගේ ගොදුරක් බවට පත්වී ඇත්තේ ඔවුන්ද නොදැනුවත්වයි.
රයිනෝ අං කපා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මෙලෙසින් රක්ෂිතයට ඇතුළු වී ඇති නමුත් සිංහයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තත්වයට මුහුණදීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

මිනිස් හිසක්, ලේ තැවරුණු ශරීර කොටස්, තුවක්කු හා පොරෝ කිහිපයක් පසුව කළ සෝදිසියේදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා
« PREV
NEXT »

Facebook Comments APPID