BREAKING NEWS
latest

728x90

468x60

යතුරු නැතිව පණ ගන්වන වාහන නිසා මරණ රැසක්

යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි 2006 වර්ෂයේ සිට මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇත.


ඇමරිකාවේ තුළ වසරකට අලෙවිකෙරෙන මිලියන 17 ක වාහන සංඛ්‍යාවෙන් අඩකට වැඩි වැඩි ප්‍රමාණයක් ම යතුරක් නොමැතිව පණගැන්විය හැකි මෝටර් රථ වේ.

බොත්තමක් තද කිරීමෙන් රථය පණ ගන්වා වාහනයෙන් බැස ඉවතට ගිය පසු අතපසුවීමකින් එය නතර නොකර බොහෝ වෙලාවක් එන්ජිම ක්‍රියාත්මක වී පැවතුනහොත්, වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් අධික ප්‍රමාණයක් අවට වාතය සමග මිශ්‍ර වේ. එලෙස පිටවන විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව නිශ්චිතව දැන ගැනීමට අපහසු වන අතර, එම මරණ වාර්තා කර ගැනීමට එක් විශේෂ ආයතනයක් තවමත් පිහිටුවා නොමැත.

පොලිස් වාර්තා, නඩු, ප්‍රවෘත්ති වාර්තා, ගිනි නිවන හමුදා සහ මෙම ගැටලුව පිළිබඳ මහජනයා දැනුවත් කිරීම සදහා ක්‍රියාකරන කණ්ඩායම්වලින් ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙන 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත පෙර සඳහන් කළ මරණ සංඛ්‍යාව වාර්තා කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID