BREAKING NEWS
latest

728x90

468x60

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සියලුම ප්‍රතිකාර වියදම් ආණ්ඩුවෙන්

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර සඳහා වැයවෙන සියලුම වියහියදම් ආණ්ඩුව මඟින් දරන බව බුද්ධශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා  පැවැසීය.

බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබන උන්වහන්සේගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන්ගෙන් නිරන්තරයෙන් විමසීම් කරමින් උන්වහන්සේ පිළිබඳ සෙවිල්ලෙන් පසුවන බවත් ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

උන්වහන්සේට අවශ්‍ය සෑම ප්‍රතිකාරයක්ම නොඅඩුව ලබාදෙමින් වෛද්‍යවරුන් විශාල කැපවීමකින් උන්වහන්සේ වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරන බවත් ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.
« PREV
NEXT »

Facebook Comments APPID