BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

උද්‍යානයක පෙම්සුව විඳිද්දී පෙම්වතාගේ යතුරුපැදිය උස්‌සලා

යතුරුපැදියෙන් පැමිණ එය ගාල්ල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට තම පෙම්වතිය සමග එම උද්‍යානයේ පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගොස්‌ ඇති බව ගාල්ල පොලිසිය පවසයි.


පෙම්වතා මොරටුව ජර්මන් ටෙක්‌ ආයතනයේ පාඨමාලාවක්‌ හදාරමින් සිටින සිසුවෙකි. ඔහු තමාට අයත් යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයේ පළමු ගේට්‌ටුව අසල යතුරුපැදිය නතරකොට එහි හැඬලය ලොග්කොට තම පෙම්වතිය සමග ධර්මපාල උද්‍යානයට ගොස්‌ ඇත. ධර්මපාල උද්‍යානයේ සිට දහවල් 12.40 ට පමණ ගෙදර යැම සඳහා පැමිණ බලන විට යතුරුපැදිය එහි තිබී නැත.

මෙම යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම යතුරුපැදිය 2016 වර්ෂයේදී මිලදීගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් දෙලක්‍ෂ හැටපන්දහසක්‌ පමණ වන බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.