BREAKING NEWS
latest

728x90

468x60

නිවසකට පැන සිසුවකුට හදි කරල

නිවසකට අයුතු ලෙස ඇතුළු වී අවුරුදු 16 ක්‌ වයසැති පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඉකුත් 07 වැනිදා නියම කළාය.

මිනුවන්ගොඩ මැටිකොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සිසුවා පාසල නිමවී නිවසට විත් ඇඳුම් මාරු කරමින් සිටින අවස්‌ථාවේ නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වී ඇති සැකකරු සිසුවා බියගන්වා අතවර කර ඇති බවත් නිවසේ නොසිටි සිසුවාගේ මව නිවස තුළට පැමිණෙන අවස්‌ථාවේ සැකකරු සිසුවාට ලිංගික අතවර කරන අයුරු දුටු බවට සිසුවාගේ මව විසින් පොලිසියට ප්‍රකාශයක්‌ ලබාදී ඇති බවත් පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති සැරයන් අබේරත්න (20305) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
« PREV
NEXT »

Facebook Comments APPID